ගුරු විරෝධතාකරුවන්ට අගමැති දුන් විසදුම මෙන්න..

October 12, 2021 at 6:55 pm | lanka C news
ගුරු විරෝධතාකරුවන්ට අගමැති දුන් විසදුම මෙන්න..

වැටුප් විෂමතා ඉවත් කරන්නැයි ඉල්ලා පැවති අරගලයට විසඳුමක් ලෙස අදියර දෙකකින් වැටුප් වැඩිකිරීමට රජය එකඟතාව පළ කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (12) දින පස්වරුවේ ගුරු-විදුහල්පති වෘත්තිය සමිති නියෝජිතයන් හමුවේ ප්‍රකාශ කළේය.

වැටුප් විෂමතා ඉවත් කරන්නැයි ඉල්ලා ගුරු විදුහල්පති වෘත්තිය සමිති අදට දින 93ක් පුරා මෙම අරගලයේ නිරතව සිටියි.

අදාළ ගැටලුවට විසඳුම් ලබා දීමට මැදිහත් වූ අග්‍රාමාත්‍යතුමා අද දිනයේ ගුරු විදුහල්පති වෘත්තිය සමිති නියෝජිතයන් අරලියගහ මන්දිරයට කැඳවා මෙම විසඳුම් යෝජනාව ඉදිරිපත් කළේය.

ඒ අනුව ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීම සඳහා පත්කළ අමාත්‍ය අනු කමිටුවේ යෝජනාව පරිදි කොටස් තුනකින් වැඩි කිරීමට යෝජිත වැටුප පළමු අදියරයට 2022 වර්ෂයේ අය-වැය තුළින් ද ඉතිරි කොටස් දෙක 2023 වර්ෂයේ අය වැය මගින් එම වසරේ දී ද ලබාදීමටත් මෙහි දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා යෝජනා කළේය.

ගුරුවරුන් සහ විදුහල්පතිවරුන්ගේ ගැටලුව පිළිබඳව රජය සංවේදි වන බවත් වැටුප් විෂමතා ඉවත්කළ යුතු බව තමන් පිළිගන්නා බවත් අග්‍රාමාත්‍යතුමා මෙහිදී පැවසීය.

කොවිඩ්-19 වසංගතය හමුවේ මහා භාණ්ඩාගාරයට මුදල් ලැබීම්  සීමා වීම නිසා එකවර මෙම ඉල්ලීම් ලබා දීමට නොහැකි බව අග්‍රාමාත්‍යතුමා පැවසීය.

දරුවන්ගේ අධ්‍යාපනය තවදුරටත් බාධාවකින් තොරව කරගෙන යාමේ අවශ්‍යතාව මත රජය මෙම විසඳුම් යෝජනාව හෝ ඉදිරිපත් කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙහි දී වෘත්තිය සමිති නියෝජිතයන් හමුවේ පැවසීය.

2021.08.09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය මගින් ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් පත්කළ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව විසින් ඉදිරිපත් කළ තීරණ ද ඉදිරියේදී ක්‍රියාත්මක කරන බව  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙහි දී සදහන් කළේය.

ඒ අනුව ගුරු, ගුරු උපදේශක, විදුහල්පති සේවාවන් සංවෘත සේවාවක් ලෙස ප්‍රකාශයට පත්කිරීමට අදාල විධිවිධාන නොවැම්බර් මාසයේ දී ප්‍රකාශයටපත් කිරීම ඇතුළු අනෙකුත් නිර්දේශ මාස 06ක් තුළ ක්‍රියාත්මක කිරීමට නියමිතය.

බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ ද මෙම හමුවට වැඩම කළහ.

ගුරු විදුහල්පති සංගම් නියෝජනය කරමින් සමස්ත ලංකා එක්සත් ගුරු සංගමයේ පුජ්‍ය යලේවෙල පඤ්ඤාසේකර හිමි, ලංකා පිරිවෙන් ගුරු සංගමයේ මීගහජඳුරේ සීලානන්ද හිමි, අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ පූජ්‍ය උලපනේ සුමංගල හිමි, පොදුජන අධ්‍යාපන සේවා සංගමයේ වසන්තා හඳපාන්ගොඩ, ලංකා ගුරු සංගමයේ ජෝසප් ස්ටාලින්, ලංකා ගුරු සේවා සංගමයේ මහින්ද ජයසිංහ, සමස්ත ලංකා ගුරු උපදේශක සංගමයේ පී.එම් සමරකෝන්, සමස්ත ලංකා රජයේ ක්‍රියාකාරි විදුහල්පති සංගමයේ සිසිර කුමාර රත්නායක, විදුහල්පති වෘත්තිකයන්ගේ සංගමයේ ඩබ්ලිව් ඒ වීරකොඩි, රජයේ ගුරුවරුන්ගේ සංගමයේ ශෙහාන් දිසානායක,  ශ්‍රී ලංකා නිදහස් ගුරු සංගමයේ දිවානි හෙට්ටිගේ, ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ගුරු සංගමයේ එස් බාලසේගරම් මහත්ම මහත්මීන් ඇතුළු නියෝජිත පිරිසක් මෙම හමුවට එක්වූහ.

අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු අමාත්‍යවරුන්වන ගාමිණි ලොකුගේ, ඩලස් අලහප්පෙරුම, මහින්ද අමරවීර, උදය ගම්මන්පිල, රාජ්‍ය අමාත්‍යවරුන්වන සුසිල් ප්‍රේමජයන්ත, පියල් නිශාන්ත ද සිල්වා, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් නීතීඥ චමින්ද කුලරත්න, නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම් ආර්.පී.එම් රත්නායක සහ ජාතික අය වැය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ජූඩ් නිලුක්ෂාන් මහත්වරු ඇතුළු රජයේ නියෝජිත පිරිසක් ද ඊට එක්ව සිටියහ.

රොහාන් වැලිවිට
අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්

80,456 views

21 Comments to “ගුරු විරෝධතාකරුවන්ට අගමැති දුන් විසදුම මෙන්න..”

  1. Haramanis says:

    40% kata PAMANAK ONINE EDUCATION EKA DENA AWASTHAWAKA ANEK 60% ASADAR\ANAYAK WANA BAWIN STAINGE STARKE EKE HODAI

    • ශ්‍රීලාල් says:

      ගුරු වැටුප් සටන අවුළුවා, පන පොවා, ඔද තෙද බල ගන්වා වැටුප් වැඩිකිරීමට මං එලිපෙහෙලි කල සරත් වීරසේකර අද්මිරාල් තුමාට අපගේ විප්ලවීය ආචාරය.

      එතුමාට තවත් හොඳ ඇමතිකමක් දී අනෙකුත් අසරනයින්ටත් සහන සලසන මාවත සෑදීමට සවිය දෙනමෙන් සර් ගෙන් ඉල්ලා සිටිමු.

      සරත් වීරසේකර තුමාට ජයෙන් ජය.

      එතුමා රටටත් පොහොට්ටුවටත් මහත් සම්පතකි.

      • JOHN says:

        නෑදෑකමට කමට රටේ බදුමුදල් සොරාගත් හොරුන්ව රකින්නේ නැතුව තිරුපමා ගේ නඩේෂන්ගේ රටෙන් ගත්ත සොර මුදල් වලින් රටේ ගුරුවරුන්ගේ පඩි ගෙවපල්ලා .

  2. Amda says:

    මේ..ඔය ස්ටාලිනයා ලොකුවට කිව්වානේද කාත් එක්කවත් සාකච්චා වලට යන්නෙ නෑ කියලා..දැන් ඔය නැට්ට ගහගෙන ගිහින් තියෙන්නෙ..ගිහින් කාල බීල එන්න ඇති.
    පඩි වැඩි කරනවානම් රජයේ ගුරුවරුන්ට ටියුශන් දීම නවත්තන්න කියලා නීතියක් ගේන්න. මොකද ඒ අය පුද්ගලික පන්තියේ විතරයි හරියට උගන්වන්නේ..ඉතින් ටියුශන් දෙන්න ඕනෙ නම් අස්වෙලා ඒකම කරන්න පුලුවන්.
    අනික තමයි වෘත්තියෙන් පිට අයට වෘත්තීය සමිති කරන්න දෙන්න එපා.
    එතකොට රස්තියාදුකාරයෝ ගුරුවරු උසි ගන්න එකයි, හාමුදුරුවරු නර්ස්ලා උසි ගන්වන එකයි ඔක්කොම නවතී.

    • කුඩා ගමයා says:

      කරය අතදාගෙන කාරේට එක්ක ගියාලු, ඉස්ටාලින් කෙලිම්ම ටොයි ලැට් එකේ 🤣🤣🤣🤣

    • TikTokPutha says:

      නොදන්න ලබ්බවල් වලට ඇගිලි නොගහ හිටපන් බත් බැලය. උබ හම්බ කරන් කන එකෙක් නන්, ඔහොම කතා කියන්නේ නැහැ.

      • 3ත් නැති ජෙප්පා says:

        අපි කන්නෙ හම්බකරගෙන තමයි බොලව්..
        උඹලා වගේ ටොයිලට් එක ඇතුලෙ ඩොලර් වලින් කොමිශන් ගන්න බත් බැලයෝ වත්..ගසා කන කාලකන්නි වත්… ජනතාවගෙ සල්ලි වලින් යැපිලා ආන්ඩුවෙ අයිස් ගහන රස්සාවක් කරන හිඟන්නො වත් නෙවේ…

        ලැජ්ජා නැති අමනුස්ස හොරිකඩ ජෙපි හැතිකරය..තූ!!!

        • Sagara says:

          කාලකණ්ණි ජෙප්පන්ට කොහෙද ඉගෙනුමේ අගයක්. උන් පිනට ඉගෙනගෙන පිනට ජොබ් අරන් අන්තිමට මිනිස්සුන්ට රාජ්‍ය සේවයත් අප්පිරිය කරපු උන් නෙ

    • Iqbal says:

      එතකොට දොස්තරලා Private Practice කරන එක හොදද??????????????

  3. ස්ටාලිංග ගුරු හොරා says:

    මේ යෝජනාවට එකඟ නොවෙමු. අපි සියළුදෙනා රජයට බලකර සිටිනුයේ එකවර මෙම දීමනාව ලබාදෙන ලෙසයි. මොකද අපට පඩි වැඩක් නැත. අපට අවශ්‍ය ආණ්ඩුව ගෙදර යැවීමයි. රාජපක්ෂලා පන්නා යහපාලනයක් ගෙන ඒම අපේ එකම අරමුණ වී ඇත. ඒ සඳහා ගුරුවරු සියල්ල කැපවී සිටී.

  4. 3% ට බය බයියා says:

    ඕව මොනවා කලත් වැඩක් නෑ. මේ ආන්ඩුව පෙරලන්න ගහපු ප්ලෑන පත්තුවෙලා යනවා. ගුරුවරු ගොවියො පාරට බස්සලා වැඩේ ගානට පත්තුකරලා තියෙන්නෙ. මෝඩ ආණ්ඩුවට කෑගහලා දවස් 40ක් රට වැස්සෙව්වා. මේ ආණ්ඩුවට ලස්සනට අන්නවලා තියෙන්නේ. තෙල් වැඩිඋන ගමන් විප්ලවයට ඕනෙ කරන පසුබිම හැදෙනව. 2024 ජවිපෙ බලයට එනව.

    • පැන්ඩෝරා පේපර්ස් says:

      😂 බලයට එනවා… එනවා නෙවෙයි උඹලා වටේටම රෙනවා

      • p.d goonawardena says:

        ජෙප්පෝ කියන්නේ නව මාවතකට (හැ) රෙමු කියලා…

    • JVP for 2024 says:

      බූරු කතා කොටලා විප්ලව කරන්ඩ ඇවිත් දැනට ජවිපෙ එක්ක ඉන්න මිනිස්සුත් නැති කරල දෙන්න මූ හදන්නෙ.ඇත්ත කියපං, උබට ජවිපෙ වට්ටන්න බැසිල් හරි රාජිතයා හරි ගෙවනවා නේ????? එක්කො උබ ඉස්කෝලෙ නිවාඩු නිසා පිස්සු කෙලින පොඩි එකෙක්.

    • 3% ට බය බයියා. says:

      අනුරාධපුර පැත්තේ ගුණසේකර කියලා එක්කෙනාට අය වැයෙන් සිගරට් මිල වැඩි කරනවා කියලා ඔහුව නන්නත්තාර කලේ අප්පච්චි සීයා නෙමේ දැ? ගුරු වරු රවට්වන්න බැරි වෙයි ඒ ක්‍රමයට සීයේ.

  5. 3% ට බය බයියා. says:

    ගුරු වරුන්ගෙ වැටුප් ප්‍රශ්නය විසදීමට හැකි වන්නේ ජේවිපි ආණ්ඩුවක් යටතේ පමණයි කියලා බුද්ධිමත් ජනතාව දන්නවා

  6. D.Nimal says:

    We are looking for a amicable resolution outstanding issues of Teachers and Principal of that salary and wages anomalies was an unresolved by last 24 years since 1994. Current issue is pending matter has to resolved both parties on agreed by some compromises terms and conditions reflected key demands of Teachers and others as well.

  7. සහොදරය says:

    ගුරුවරු දින කට පෙය 8ක් හා අනෙක් රජයෙ සේවකයන් වගේ අවුරුද්ද ම වෙඩ කලයුතු යි
    (මාස 3නේ නිවාඩු කපා හරින්න)
    මාස 3 නේ නිවාඩු වට රජයෙ වෙනත් ආයතනය කට අනුයුක්ත කරන්න .
    ඉන් පසු පඩි වෙඩිකර න්න.
    නෙත්නම් ඔය ඔක්කොම S.B දිසානායක මහතා ට බාර දිලා ගෙදර යන්න

  8. Mahesh says:

    ගුරුවරුන්ගේ වැටුප් ගැටලුව සාධාරනයි. පසුගිය කිසිම ආන්ඩුවක් නිසි විසදුමක් දුන්නෙ නැ. යහපාලන ආන්ඩුව යම් කිසි දෙයක් කරත් එයද ඔවුන්ට හරියට ලැබුනේ නෑ.
    මෙ පාරත් ආන්ඩුව මීට වඩා සංවේදීව මේ ගැටලුව දිහා බලන්න තිබ්බා එහෙම උනා නම් මෙච්චර දුරදිග යන්නෙ නැ.

    කෙසේ වෙතත් ගුරුවරුත්, වැරදි කාලෙක මෙතරම් දරුණු ලෙස කටයුතු කිරීම හා අනාගත පරපුරේ අනාගතය ඇපයට ගෙන දරුණු ලෙස කටයුතු කිරිමත් වැරදි. බහුතරයක් ගුරුවරු ඉගැන්වීමෙන් ඉවත් වීමට අකමැති නමුත් සංගම් නියෝජිතයන්ගේ බිය වැද්දීමට එලෙස කටයුතු කරනවා. තවද ඇති හැකි අයට මුදලට උගන්වන අය නැති දරුවන්ව විතරක් අනාත කිරීම සම්පූර්ණයෙන්ම වැරදි.

  9. නාරද says:

    මෙතන ප්‍රශ්ණය එක රටක් එක නීතියක් නැති එක, රජයේ සේවයෙත් හැන්ද තියන එකා ‌නීති හදාගෙන නවාගෙන වැඩ කරගන්නවා, බලන්න පරිපාලන නිලධාරීන් දිහා මොකද බොහෝ විට නීති නවන්න පුළුවන් ඔවුන්ට. භාෂා ප්‍රවීණතාවය ලබාගන්න අනිත් ශ්‍රේණි වලට 3 න් වරක් නම් මේ අයට 9 වරක්, උසස් වීම් ලබාගැනීමට යන කාලය අනිත් අයට අවුරුදු 10 ක් 20 ක් නම් මේ අයට අවුරුදු 6ක්. මේවා කිසිම තැනක පල වෙන්නේ නැහැ. අත්දැකීම් නැතිව මුදල් ගැනම බලාගෙන ඉහලට යන මේ වාගේ අය නිසා තමයි රටට කෙලවෙලා තියෙන්නේ. මේ උදාහරණ ලිව්වේ. තව තියනවා කවුරුත් හොයලා බලන්නේ නැත්තේ ඇයි?

  10. tdsolo says:

    දැන් ළමයින් මැරෙන්නෙත්,වෛරස් එක පැතිරුනෙත් ගුරුවරු නිසාලු. දැන්වත් තේරෙන්නේ නැද්ද ගුරුවරු මොනතරම් දෙයක් ස්කෝලේ වෙලාවේ කරලා තියෙනවද කියලා. ස්කෝලේ වෙලාවේ මොනතරම් පිඩනෙන්ද ඉන්නේ ළමයින්ට උගන්නලා,මානසික ආබාධ ඇති නොවන තැනට පොඩි මනසවල් හදන්න,මැරෙන්නේ නැතිව ආපහු ගෙදර යවන්න.අනෙක් ජොබ් වගේ නෙමෙයි ගුරු වෘත්තිය.නිකන් ජොබ් කරලා සල්ලි හොයනවා වගේ කියලද හිතන්නේ? ගුරුවරයෙක් කරන වැඩ කන්දරාවට ගුරුවරයෙක් ගන්න පඩිය පඩියක්ද කියලා හිතෙයි කරලා බැලුවොත්. මන්ද මානසික මොලයක් තියෙන උන්ට නම් තේරෙන්නේ නෑ.

Leave a Comment

Main News