ගුවන්තොටුපළ අනතුරේ…

February 3, 2017 at 10:00 am | lanka C news
ගුවන්තොටුපළ අනතුරේ…

සිවිල් ගුවන්සේවා අධිකාරියේ, ගුවන්සේවා පරීක්ෂක නිලධාරීනට නිසි පරිදි ගුවන් තොටුපළ අවසර පත් (Airport Credential) යාවත්කාලීන කර නොදීම හේතුවෙන් ගුවන් තොටුපළ සිවිල් ගුවන්සේවා පරීක්ෂණ කටයුතු කළ නොහැකි තත්වයක් පැණ නැගී ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් සිවිල් ගුවන්සේවා අධිකාරිය, එහි පරීක්ෂකවරුන්ට නිකුත්කරනු ලබන මෙම අවසර පත්‍රය (Airport Credential) 2016 දෙසැම්බර් 31 දා කල් ඉකුත්ව ඇත.

මේ හේතුවෙන් අදාළ පරීක්ෂකවරුනට ආරක්ෂක කටයුතු සොයාබැලීම සඳහා නීත්‍යානුකූලව ගුවන්තොටුපළට, ගුවන්යානා වලට ඇතුළත් විය නොහැකි තත්වයක් උද්ගතව ඇත.

පසුගිය දින වල ගුවන්තොටුපළේ සැක කටයුතු ක්‍රියාකාරකම් කිහිපයක් සිදුවුවද නිසි අවසරපත් ‍නොමැතිවීම හේතුවෙන් ඒ සඳහා කිසිදු නීත්‍යානුකූල පරීක්ෂාවක් සිවිල් ගුවන්සේවා අධිකාරී පාර්ශවයෙන් සිදුකළ නොහැකි බවද වාර්තා වේ.

ශ්‍රී ලංකාවේ සිවිල් ගුවන්සේවා කටයුතු සම්බන්ධයෙන් ජාත්‍යන්තර විගණනයක් මේ වසර අවසානයේ යෙදී ඇති අතර එයට බාධා පැමිණවීමේ අරමුණින් ගුවන්සේවා අධිකාරියේ මානවසම්පත් අංශයේ ඉහළ නිලධාරිනියක විසින් මෙම අවසරපත් හිතාමතාම නිකුත් කර නොමැති බව එහි සේවකයෝ පවසති.

– මේනක

22 views

One Comment to “ගුවන්තොටුපළ අනතුරේ…”

  1. ExUNPer says:

    ඕව ගැන හොයන්න ඕනේ නැහැ….අපිට ඕනෙ මහින්දගෙ හෙලිකොප්ටර් රයිඩ් ගැන කිය කියා මෝඩ ජනතාව ඊරිසියාවෙන් වයිරයෙන් කුල්මත්කරමින් සතුරාට රට පාවා දෙන්න.

Main News