ගුවන්පථය ආසන්නයේ වලදමා තිබූ කොටි ආයුධ තොගයක් හමු වෙයි…

October 19, 2018 at 6:48 pm | lanka C news
ගුවන්පථය ආසන්නයේ වලදමා තිබූ කොටි ආයුධ තොගයක් හමු වෙයි…

මන්නාරම ,තල්ලඩි ප්‍රදේශයේ පිහිටි ගුවන් හමුදාවට අයත් ගුවන් පථය ආසන්න ප්‍රදේශයේ වලදමා තිබූ කොටි සංවිධානයට අයත් බෝම්බ ඇතුලු පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයාගත් බව මන්නාරම පොලීසිය පැවසීය.

පොලිසිය පැවසුවේ පුද්ගලයෙකුගෙන් ලද තොරතුරක් මත මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් නියෝග යටතේ අදාළ බෝම්බ තොගය වලදමා තිබියදී සොයාගත් බවයි.

මෙසේ වලදමා තිබියදී ගොඩගත්බෝම්බ අතර කාලතුවක්කු උණ්ඩ 04 ක්, මෝටාර් උණ්ඩයක්, අත්බෝම්බ 01 ක්, එල්.ටී.ටී.ඊ සංවිධානය  නිෂ්පාදනය කළ බවට සැක කරන අත්බෝම්බ 01 ක්, ෆියුස් 04 ක් ඇතුළු පුපුරණ ද්‍රව්‍ය තොගයක් එලෙස සොයාගත් බවද පොලීසිය පැවසීය.

යුද සමයේදී කොටි සංවිධානය විසින් අදාල බෝම්බ තොගය මෙම ස්ථානයේ වලදමන්නට ඇති බවට මන්නාරම් පොලීසිය සැක පල කර සිටි අතර සොයාගත් බෝම්බ මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ පොලිස් විශේෂ කාර්ය බළකා බෝම්බ නිශ්ක්‍රීය අංශය විසින් නිශ්ක්‍රීය කිරීමට නියමිත බවද මන්නාරම් පොලීසිය වැඩි දුරටත් කියා සිටියේය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

0 views
Main News