ගුවන්යානා නාශක උණ්ඩ 85ක් හමුවෙයි..

May 7, 2019 at 12:40 pm | lanka C news
ගුවන්යානා නාශක උණ්ඩ 85ක් හමුවෙයි..

වවුනියාව  අලගල්ල අලූත්ගම ප‍්‍රදේශයේ පාලු ඉඩමක කැලෑවක තිබී ගුවන් යානා නාශක පතුරොම් 85 ක් අද (07) උදෑසන තිබී සොයාගත් බව ඊරට්ටපෙරියකුලම පොලිසිය පවසයි.

ප‍්‍රදේශවාසියකු විසින් කැළෑවට ඇතුල් වූ අවස්ථාවකදී අදාල උණ්ඩ තොගය දැක ඉරට්ටපෙරියකුලම් පොලිසිය වෙත දැනුම්දී දී ඇති අතර පසුව ඊරට්ටපෙරියකුලම පොලිස් නිලධාරීන් හා ටිගර් නම් පොලිස් නිල සුනඛයා යොදවා එම ස්ථානය පරීක්ෂා කිරීමේදී පොළව අභ්‍යන්තරයේ තිබූ පතුරම් තොගය හමුවී ඇත.

ගොඩගත් උණ්ඩ ගුවන් යානා නාශක පතුරම් 12.4 / 54  වර්ගයේ ගුවන් යානා නාශක පතුරම් බවට හදුනාගෙන ඇති අතර පසුගිය යුද සමගේ වවුනියාව ගුවන් හමුදා කදවුර වෙත ප‍්‍රහාර එල්ල කිරීමට පැමිණි එල්.ටි.ටි.ඊ ත‍්‍රස්ථවාදීන් විසින් මෙම පතුරම් මෙම ස්ථානයේ සඟවන්නට ඇති බවට  පොලිසිය සැක පළ කරයි.

සොයාගත් පතුරම් තොගය වවුනියාව මහෙස්ත‍්‍රාත් අධිකරණ නියෝග යටතේ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් නිශ්ක‍්‍රීය කිරීමට නියමිතව ඇති බවට පරික්ෂණ සිදු කරන ඉරට්ටපෙරියකුලම් වැඩි දුරටත් පවසයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

30,152 Viewers

2 Comments to “ගුවන්යානා නාශක උණ්ඩ 85ක් හමුවෙයි..”

  1. Mahasona says:

    යහපාලන ආණ්ඩුව මෙතරම් කලක් ජාතික ආරක්ෂාවට කලේ කුමක්ද ?
    අන්තවාදී ඉස්ලාම් ත්‍රස්තවාදයට උතුරේ LTTE ත්‍රස්තවාදීන්ට පනදීම නොවේද ?
    ජනපති සිරිසේන පාර්ලිමේන්තුව විසුරුවා ගෙදර යන්න ..මේක රට ජාතිය විනාශකිරීමට පැමිණි යමපාලනයක්

    • P. Chang Hutang says:

      ඇයි සිරිසේන විතරක්? රනිලුත් වහාම ඉල්ලා අස්වී නව ආණ්ඩුවක් යටතේ සිදුවන විධිමත් පරික්ෂනයකට මුහුණ දිය යුතුයි. රටට මෙපමණ විපතක් සිදුවී තිබියදීත්, මම දන්නේ නෑ, කවුරුත් කිව්වේ නෑ, පවතින නීති ප්‍රමාණවත් නෑ, වරද සිදු කර ඇත්තේ (ඔවුන්ම පත් කල) පොලිස්පති හා ආරක්ෂක ලේකම්, වැනි බොළඳ ප්‍රකාශ නිකුත් කරමින් තව දුරටත් බලයේ රැදී සිටීමට උත්සාහ කිරීම තුලින් ඔවුන් කෙතරම් වගකීම් විරහිත නිර්ලැජ්ජිත පුද්ගලයන් දැයි, ඔවුන් විසින්ම ඔප්පු කර හමාරය.

Leave a Comment

Main News