ගුවන්සේවා අධිකාරියේ පඩි නෑ…

January 25, 2017 at 8:02 am | lanka C news
ගුවන්සේවා අධිකාරියේ පඩි නෑ…

සාමාන්‍යයෙන් රජයේ ආයතන වල වැටුප් ගෙවන දිනය සෑම මසකම 25 දාය. එහෙත් සිවිල් ගුවන්සේවා අධිකාරියේ මූල්‍ය අංශ වල නොසැලකිල්ල හේතුවෙන් කාර්ය මණ්ඩලයට අළුතින් පත්වූ 25 දෙනකුට වැටුප් ගෙවා ගැනීමට නොහැකිවී ඇති බව වාර්තා වේ.

මේ තත්වය මත එම සේවක පිරිස රාජ්‍ය සේවයට එක්වී ලබන පළමු වැටුප ගැටළුවක් බවට පත්කරමින් ගුවන්සේවා අධිකාරියේ සුවිශේෂීභාවය ඔවුනට මුල් මාසයේම අත්විඳීමට සිදුව ඇත.

එහි ආයතන පරිපාලනය පවසන පරිදි ශ්‍රී ලංකාවේ සුවිශේෂී ආයතනයක් වන සිවිල් ගුවන් සේවා අධිකාරිය ගැන විමසා බැලීමේදී එය සුවිශේෂී වන්නේ අකාර්යක්ෂම පාලනයට සහ දුර්වල මූල්‍ය කළමනාකරණයට පමණක් බව පෙනේ.

ගුවන්සේවා අධිකාරියේ වාර්ෂික ප්‍රසාද දීමනාව මාසයක් පමණ ප්‍රමාද වූ අතර නිවාඩු සඳහා ගෙවීම්ද මසක් පමණ ප්‍රමාද විය. නිවාඩු පඩි ලබාදීමේදී මානව සම්පත් අංශයේ ලිපිගොණු ඉතිහාසයේ ප්‍රථම වරට අභ්‍යන්තර විගණන අංශය විසින් සියල්ලට පෙර විගණනය කොට ඇත. ආයතනයේ මේ සියලු ගැටළු සඳහා හේතු වී ඇත්තේ පරිපාලන දුර්වලතාවය බව අධිකාරී සේවකයෝ පවසති.

0 views
Main News