ගුවන්සේවා අධිකාරියේ වාහන පේ‍්‍රම අවභාවිතාවේ..

January 20, 2017 at 7:07 am | lanka C news
ගුවන්සේවා අධිකාරියේ වාහන පේ‍්‍රම අවභාවිතාවේ..

ගුවන්සේවා අධිකාරියේ මුදල් අංශයේ ප්‍රධාන නිලධාරියෙක් මේ දිනවල ආයතනයේ වාහන (K*-1***) තම පවුලේ සියලු වැඩකටයුතු මෙන්ම දියණියගේ පෙම්වතාගේ වැඩ වලට යොදවාගෙන ඇති බව අධිකාරී සේවකයින් පවසයි.

C**-3*** දරන මෝටර් රථය ඔහුට අවසරය සහිතව ලබාදී ඇති එක වුවත් තමාගේ පුද්ගලික කටයුතු සඳහා ඔහුගේ අංශය යටතේ පවතින K*-3*** දරන මෝටර් රථය මීට පෙර සිටම භාවිතා කොට ඇත්තේ ගුවන්සේවා අධිකාරියේ රියදුරන් සමගද වීම විශේෂය. තවද නිවාඩු දිනවල එම වාහනය ඔහුගේ මස්සිනා විසින් භාවිතාකරන බවද වාර්තා වේ.

ඉහළ පරිපාලනයේ රැකවරණ සහ ආශිර්වාදය ලබා සිටින අදාළ පුද්ගලයා අපි විසින් පසුගියදා තොරතුරු හෙළි කරන ලද රුපියල් මිලයන 05ක ලැප්ටොප් ටෙන්ඩර් මගඩියට සම්බන්ධ පුද්ගලයාද වේ.

රටේ ජනතාවගේ බදු මුදලින් නඩත්තු වන ආයතනික වාහන මෙසේ තමාගේ පෞද්ගලික සුඛ විහරණය සඳහා භාවිතා කිරීම පිළිබඳ වහාම පරීක්ෂණයක් සිදුකරන ලෙස ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් අධිකාරියේ සේවකයෝ ඉල්ලා සිටිති.

10 views
Main News