60 පැන්න 11ක් දොට්ට…
March 6, 2017 at 8:02 am | lanka C news
සිවිල් ගුවන්සේවා අධිකාරියේ අධ්යක්ෂ ජනරාල්වරයාගේ සමීප හිතවතුන් ලෙස කටයුතු කරමින් වයස 60 ඉක්මවා යනතුරු සේවා දිගු ලබාදුන් නිලධාරීන් 11 දෙනකු වහාම ක්‍රියාත්මක වන ලෙස මේ මස (මාර්තු) 31දා සිට සේවයෙන් ඉවත් කිරීමට අමාත්‍යවරයා නියෝග කොට ඇති බව වාර්තා වේ. අමාත්‍යවරයා විසින් ගත් මෙම තීරණය ගුවන්සේවා අධිකාරියේ අධ්‍යක්ෂක මණ්ඩලයද ඒකමතිකව අනුමත කොට ඇත.
දීර්ඝ කාලයක පටන් හිතවත්කම මත සේවා දිගු මෙන්ම ලක්ෂ ගණනින් වැටුප් ලබාදෙමින් සිටි මොවුන් අතර වයස 70 ඉක්මවූ පුද්ගලයින්ද සිටින බව වාර්තා වේ.
තවද කිසිදු අවසරයකින් තොරව මූල්‍ය දීමනාව ලබාගැනීම වෙනුවෙන් පමණක් අධිකාරියේ අධ්යක්ෂ මණ්ඩල රැස්වීම් වලට සහභාගීවූ ගුවන්සේවා අතිරේක ලේකම්වරයකු එම සියලු කටයුතු වලින් ඉවත්කොට ඇති බවද වැඩිදුරටත් වාර්තා වේ.
සිවිල් ගුවන්සේවා අධිකාරියේ සේවකයින්ද බොහෝ අවස්ථාවල ආයතනයේ පරිපාලන දුර්වලතා පිළිබඳ අමාත්‍යවරයාව දැනුවත් කොට ඇති අතර අධිකාරියේ අධ්යක්ෂ මණ්ඩලය, අමාත්‍යාංශ ලේකම්වරයා සහ අමාත්‍යවරයා එක්ව ගත් මෙම තීරණයට ගුවන්සේවා අධිකාරියේ සේවකයින් සිය ස්තූතිය පුද කරයි.
වෙනත් කිසිදු අමාත්‍යවරයෙක් ගුවන්සේවා අධිකාරියේ සේවක හඬට කන් නොදීම හේතුවෙන් ආයතන පරිපාලනය ඒකාධිපති තීන්දු තීරණ ගනිමින් සිටි බවත් වත්මන් මෙවැනි නිවැරදි තීන්දු තීරණ ගැනීම බෙහෙවින් අගය කරන බවත් අධිකාරී සේවකයෝ පවසති.
-KDR