ගුවන්සේවා අධිකාරී ගොඩනැගිල්ලේ වීදුරු කඩා වැටේ..

April 13, 2017 at 8:40 am | lanka C news
ගුවන්සේවා අධිකාරී ගොඩනැගිල්ලේ වීදුරු කඩා වැටේ..

සිවිල් ගුවන්ස්වා අධිකාරියේ පහත මාලයේ විශාල වීදුරු දොරටුවක් ඊයේ (12) දිනයේ කාර්යාල වේලාව තුළදී හදිසියේ කඩා වැටී ඇති බව වාර්තා වේ. එම අවස්ථාවේ ගුවන්සේවා කටයුතු සම්බන්ධ බලපත්‍ර ලබාගැනීමට පැමිණි බාහිර පුද්ගලයින් කිහිප දෙනකු සිටියද සිද්ධියෙන් ඔවුනට අනතුරක් සිදුවී නොමැති බවයි වාර්තා වන්නේ.

පසුගිය කාලයේ විවිධ අක්‍රමිකතා සහ දූෂණ සම්බන්ධ තොරතුරු සම්බන්ධව කතාබහට ලක්වූ සිවිල් ගුවන්සේවා අධිකාරියේ ඉහළ පරිපාලන නිලධාරීන් විසින් සිදුකරන අහස පොළව නුහුලන මහජන මුදල් නාස්තිය නිසා මෙවැනි අසුභ පෙර නිමිති සිදුවන බව අධිකාරී සේවකයින් පවසති.

– දීපාල්

9 views
Main News