ගුවන් තොටුපලෙන් ප‍්‍රභූන් පැන යනවාද.. CCTV අක‍්‍රිය කරලාද…

April 7, 2022 at 3:00 pm | lanka C news
ගුවන් තොටුපලෙන් ප‍්‍රභූන් පැන යනවාද.. CCTV අක‍්‍රිය කරලාද…

ගුවන්තොටුපල හා ගුවන්සේවා (ශ‍්‍රී ලංකා) (පුද්ගලික) සමාගම විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

මාධ්‍ය නිවේදනයයි

ගුවන්තොටුපොල ක‍්‍රියා පටිපාටිය, මගීින් සහ ප‍්‍රභූවරුන්ගේ පිටත්වීම් පිළිබඳව පැතිර යන ප‍්‍රවෘත්ති හා කටකතා සම්බන්ධවයි

පසුගිය පැය 48 ක කාලපරිච්ෙඡ්දුය තුළ තුළ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලින් ඇතැම් මගින් සහ ප‍්‍රභූවරුන්ගේ පිටත්වීමේ ක‍්‍රියා පටිපාටිය පිළිබඳව මහජනතාව නොමඟ යවන අයුරින් විවිධ සාවද්‍ය පුවත් සමාජමාධ්‍ය සහ අනිකුත් මාධ්‍ය ජාලා වල පළ වී ඇත.

ගුවන්තොටුපොල භාවිතා කරන ඕනෑම සාමාන්‍ය මගියෙකුගේ සිට ප‍්‍රභූන් දක්වා තම ගමන් අවශ්‍යතාවය සපුරා ගැනීමට අවශ්‍ය වන සේ පහසුකම් සැලසීමට ගුවන් තොටුපොල හා ගුවන් සේවා (ශ‍්‍රී ලංකා) (පුද්ගලික) සමාගම වශයෙන් අප විසින් සේවා සලසා ඇත්තෙමු. කෙසේ වෙතත් මෙම සියලූම ගුවන් මගීන් ජාත්‍යන්තරව පිළිගත් නීති රීති අනුව රටින් බැහැර වීමේ දී ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සහ ශ‍්‍රී ලංකා රේගු අධිකාරියේ නියාමනයන්ට සහ නීති රීති වලට යටත්ව එම ගමන් පහසුකම් සලසා ගත යුතුය.

ගුවන්ගමනක් පිටත්වීම සඳහා නීත්‍යානුකූලව හිමිකම් ලබන ඕනෑම ශ‍්‍රී ලාංකිකයෙකුට එම පහසුකම් සලසා ගැනීමට ගුවන්තොටුපොළේදී හැකියාව ලැබේ. කිසියම් ගුවන්මගියෙකු රටින් පිටත් වීම වැළැක්වීම සඳහා අධිකරණ නියෝගයක් ලබාදී ඇත්නම් එවැනි මගියෙකුට රටින් බැහැර විය නොහැක.

කෙසේ වුවද විවිධ සමාජ මාධ්‍ය, කටකථා සහ අනෙකුත් මාධ්‍ය මගින් පළවන ආකාරයේ ගුවන්තොටුපොල තුළ ආරක්‍ෂක කැමරා පද්ධති (CCTV) වෙනස් කිරීම්, ක‍්‍රියාවිරහිත කිරීම හෝ කිසිඳු ආරක්ෂක ක‍්‍රියාපටිපාටියක් පුද්ගල අවශ්‍යතාවයන් මත ලිහිල් කිරීමට කටයුතු සිදුකර නොමැති බවට අප තරයේ දන්වා සිටිමු.

ගුවන්තොටුපොල හා ගුවන් සේවා (ශ‍්‍රී ලංකා) (පුද්ගලික) සමාගම වශයෙන්් ගුවන්තොටුපොල පරිශ‍්‍රය භාවිතා කරනු ලබන සියලූම ගුවන් මගීන්ගේ ආරක්ෂාව හා සුරක්ෂිතභාවය තහවුරු කිරීමට ඉතා වගකීමෙන් ක‍්‍රියා කරන අතර ඒ සඳහා බැඳී සිටින්නෙමු.

එබැවින් ඉහත සඳහන් කරන ලද සියලූම සාවද්‍ය ප‍්‍රකාශ, චෝදනා ගුවන්තොටුපොල හා ගුවන් සේවා (ශ‍්‍රී ලංකා) (පුද්ගලික) සමාගම වශයෙන් අප තරයේ ප‍්‍රතික්ෂේප කරන බවටත් ශ‍්‍රී ලංකාවේ අභිමානය හා ගුවන්මගීන්ගේ සුරක්‍ෂිතභාවය ආරක්ෂා කිරීම සඳහා නිරතුරුව ඇප කැප වන බවත් වගකීමෙන් ප‍්‍රකාශ කර සිටින්නෙමු.

ස්තුතියි
මෙයට

මේජර් ජනරාල් (විශ‍්‍රාමික) ජී. ඒ. චන්ද්‍රසිරි ආර්ඩබ්ලිව්පී වීඑස්වී යූඑස්පී එන්ඞීසී පීඑස්සී
සභාපති
ගුවන්තොටුපල හා ගුවන්සේවා (ශ‍්‍රී ලංකා) (පුද්ගලික) සමාගම

55,199 views

One Comment to “ගුවන් තොටුපලෙන් ප‍්‍රභූන් පැන යනවාද.. CCTV අක‍්‍රිය කරලාද…”

  1. #gohomegota says:

    බයියෝ කිසි සද්දයක් නෑ

Main News