ගුවන් තොටුපලේ කලබලයක්.. විදේශිකයෙකු වහලයට නැග පැන දුවයි…
January 10, 2022 at 12:00 pm | lanka C news
විදෙස් ජාතිකයකු කටුනායක ගුවන්තොටුපල වහලයට නැග පලා යමින් සිටිය දී ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ඔහු අබුඩාබි ඔස්සේ ප්‍රංශයේ පැරිස් නුවර වෙත යාමට උත්සාහ කළ බව ගුවන්තොටුපල සඳහන් කරයි.
ගුවන්තොටුපලේ පිටවීමේ පර්යන්තයේ දී තම ලියකියවිලි නිෂ්කාශනය කර ගැනීමට පැමිණි ඔහු සම්බන්ධයෙන් සැක සිතීමෙන් පසු ගුවන් තොටුපළ ආරක්ෂක වෙත යොමු කිරීමෙන් පසුව වහලයට නැග දිව ගොස් තිබේ.
පසුව ආරක්ෂක අංශ විසින් කැමරා නිරීක්ෂණය කරමින් මෙම පුද්ගලයා වහලයේ සැඟවී සිටි ස්ථානයට ගොස් අත්අඩංගුවට ගෙන ඇත.
ඔහුගේ ගෙල ප්‍රදේශයේ පැහැදිලිව පෙනෙන අංකයක් පච්ච කොටා ඇති අතර ආරක්ෂක අංශය සැක කරන්නේ මොහු විදේශයක බන්ධනාගාරයකින් පලා ආ පුද්ගලයෙකු හෝ විදේශයකට අත්‍යවශ්‍ය පුද්ගලයකු හෝ ත්‍රස්තවාදී කල්ලි සාමාජිකයෙකු විය හැකි බවටයි.
මේකේ උඩ ඉඳලා පහලමට ඉන්නේ හොරු. මු හිතන්න ඇති මෙ රටට ඇවිල්ලා ටිකක් බලලා යන්න ඕනේ කියලා. මදැ කොරා. ඇතුලේ. මේකා නම මාරු කලරා මෙහෙ තියන් හොර නම දාගන ආවන්නම් මු vip වෙනවා.
කව්ද යකෝ ගුවන්තොටුපළ ආරක්ෂක ? ඉමිග්රේෂන් එකෙන් පැසෙන්ජර්ව අඳුනගත්තේ. ජනමාධ්‍ය නෙමෙයි මහගොං මාධ්‍ය
ආරක්ෂක අංශෙ තමයි හලෝ ඇල්ලුවෙ අපේ මාෂල් නිසාන්ත සර් තනියම ගිහිං කණෙන් ඇදගෙන ආවෙ.
නිශාන්ත සර් එයාපොර්ට් එක පුරාම සැරිසරනව එයාගෙන් බේරෙනව බොරු.