ගුවන් තොටුපල ඉක්මනින්ම විවෘත කර සංචාරකයන් ගෙන්වන්න සූදානම්.. කමිටුවක් පත් කරයි..
December 3, 2020 at 6:48 pm | lanka C news
සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ගුවන්තොටුපල විවෘත කර සංචාරක කර්මාන්තය කඩිනමින් යලි ආරම්භ කිරීම සදහා සංචාරක හා සෞඛ්‍ය බලධාරීන්ගෙන් සමන්විත එකාබද්ධ කමිටුවක් පත් කෙරේ. එම කමිටුවේ නිර්දේශ ලද වහාම ඒ සදහා ඉදිරි පියවර ගැනීමට සෞඛ්‍ය හා සංචාරක බලධාරී හු අද (03) තීරණය කළහ.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි ප්‍රාථමික සෞඛ්‍ය වසංගත රෝග වැලැක්වීමේ හා කොවිඩ් මර්දන රාජ්‍ය ඇමතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශීනි ප්‍රනාන්දු පුල්ලේ යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාව පැවැත්විනි. ගුවන්තොටුපල හා ගුවන්සේවා සමාගම සංචාරක සංවර්ධන අධිකාරිය හෝටල් කේෂත්රයේ ප්‍රවීනයන් සංචාරක අමාත්‍යාංශය නියෝජනය කරමින් මෙම අවස්ථාවට සහභාගී වී සිටි අතර සෞඛ්‍ය අධ්යක්ෂ ජෙනරාල් ඇතුලු වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානීන් ඇතුලු කණ්ඩායමක් සෞඛ්‍ය අංශ නියෝජනය කළහ.
සංකච්ඡාව අරඹමින් ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහිදි අවධාරණය කලේ ඉතා ඉක්මනින් ගුවන්තොටුපල විවෘත කර රට සංචාරකයන්ට විවෘත කිරීමට අපෙක්ෂා කරන බවයි. ඒ සදහා සෞඛ්‍ය අංශ වල සහය අවශ්‍ය බවද ඔහු කියා සිටියේය. දැනටමත් මේ සදහා මාර්ගෝපදේශ සංග්‍රහයක් සකස් කර ඇති බව පැවසූ ඇමතිවරයා වර්තමාන තත්වයට අනුව එය යාවත් කාලීන කර ක්‍රියාත්මක කිරීම සදහා නිර්දේශ ලබා දෙන්නැයි ඉල්ලා සිටියේය.
සෞඛ්‍ය ඇමතිතුමිය කිවේ කොවිඩ් 19 පැතිර යාම වැලැක්වීම රජයේ ප්රමුඛ කාර්ය බවයි. ඒ නිසා මෙය ඉතා පරිස්සමින් සිදු කළ යුතු බවද ඇය පෙන්වා දුන්නාය. කටුනායක සහ මත්තල ගුවන්තොටුපල විවෘත කිරීම සහ සංචාරකයන් මෙරටට ගෙන්වාගැනීමේ ක්‍රමවේදය පිළිබදව මෙහිදි දිර්ඝ ලෙස අදහස් හුවමාරු කර ගැනිනි. දෙපාර්ශවයේ ඒකාබද්ධ ඉහල පෙලේ කමිටුවක් පත්කොට කඩිනමින් ඒ සදහා පියවර ගැනීමට තීරණය කෙරුනේ ඒ අනුවයි.
ඒකාබද්ධ කමිටුව ඉදිරි සතිය තුල රැස්වී මේ සම්බන්ධයෙන් අවසන් නිර්දේශ සංචාරක හා සෞඛ්‍ය අමාත්‍යවරුන්ට ලබා දීමටත් ඒ අනුව රට සංචාරකයන්ට විවෘත කිරීමට අවශ්‍ය පියවර ගැනීමටත් මෙහිදි තීරණය කෙරිනි.
– repoter
කොරෝනාවන්ගෙන් ඉහ වහා යන රටට හැම තැනම හැමදාම කොහේ හරි ලොක් ඩවුන් කරන රටක කවු එන සංචාරකයා.
රටට ඇතුලු වන හැම සන්චාරකයාටම පැකනිල් පෙත්තක් ගානෙ දුන්න නම් කොරෝනා අවුලක් වෙන්නෙ නෑ. කොහෙද ඉතින්, ගොන් බයියන්ට තේරෙන එකක් යැ.
We have only 2-3weeks holidays and if we have to quarantine for 2 weeks no visitrts will come to Sri Lanka. Tell us these MP can be visit other countries freely.
මාර්තු මාසයේ ගුවන්තොටුපල වහපු ගමන් ඉතාලි ඉදල කොරෝනා අරන් ඇවිත් හැංගිලා ඉන්නවා කියල බොරුවට 119 ගහල රටේ හිටපු විදේශිකයින්ට කරදර කරපු එවුන් ගැන සොයා පොලිසිය නොමග යවපු වරදට ඔවුන්ට නීතිය ක්‍රියාත්මක කරොත් නරකද.
Now all economy class passengers must stay in baggage area where very bad standard area in CMB before boarded buses for 14 days quarantine period. Never seen in any other airports in the world.
ඉක්මනින් ගුවන්තොටුපල අරිනවාට වඩා හොදනැද්ද ඉක්මනින් කොරොනා වසංගතය ඉවරකරලා ගුවන්තොටුපල අරියොත්
Ape kattiyak PCR test eka karannawath denne nathnam PHI laata kelagahanawanam paalanaya karanne kohomada. Koronath ekka jeewathwenna wela thiyenne.Air Port eken eliyata enakota touristlata soyagaththa ayurweda behethen handak pewwaama hari
This is a joke!
Majority of western countries have listed Sri Lanka as a high risk country.
I do not think that the tourists will bother to come here.
Thailand, Vietnam etc. are not listed under high-risk category. Hence, they will select such countries in Asia to tour.
අර කැගල්ලේ වෙදමහත්මයාගේ බේත දෙන්න පුලුවන්නේ එන සංචාරකයින්ට. පහසු මිලට කොරොනා සුවය සමග සංචාරය. දින 4යි නිරෝධායනය වෙන්න ඕනේ. ටිකක් මොලෙන් හිතලා බටහිර දොස්තරලාට කුදගහගන්න කියලා වැඩකලොත් රටම ගොඩ.