ගුවන් තොටුපල විවෘත කරන්න සාකච්චා.. විදෙස් සංචාරකයන් ගෙන්වීමටත් සැලසුම්..

May 27, 2020 at 4:40 pm | lanka C news
ගුවන් තොටුපල විවෘත කරන්න සාකච්චා.. විදෙස් සංචාරකයන් ගෙන්වීමටත් සැලසුම්..

රට යථා තත්වයට පත්වෙමින් තිබීම නිසා අගෝස්තු 01 වැනිදා සිට විදේශ සංචාරකයන්ට ගුවන් තොටුපොළ විවෘත කර තැබීමට කොවිඩ් මර්දන කාර්ය සාධක කමිටුව ජනාධිපතිතුමාට යෝජනා කරයි.

අප්‍රේල් මස 30 වැනිදා සිට අද (26) දක්වා කොවිඩ් ආසාදිතයෙකු සමාජයෙන් හමු නොවීම රට ලැබූ ජයග්‍රහණයක් බව කමිටු සාමාජිකයෝ පෙන්වා දෙති.

බිඳ වැටී ඇති සංචාරක කර්මාන්තය නගා සිටුවීමට ගතයුතු ක්‍රියාමාර්ග සහ සැලසුම් ගැන සාකච්ඡා කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද ( 26) දහවල් ජනාධිපති කාර්යාලයේ දී කොවිඩ් මර්දන කාර්ය සාධක බලකාය රැස් විය.

සංචාරකයන් සඳහා රට විවෘත කිරීම අන්තර්ජාතික සහ දේශීය සෞඛ්‍ය උපදෙස් මත සිදු කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. කල් ඇතිව සැලසුම් කිරීමෙන් සෙසු රටවල් අභිබවා ඉදිරියෙන් සිටීමේ හැකියාව පවතී. ප්‍රමුඛතා හඳුනා ගෙන සංචාරක සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ උපදෙස් විමසමින් ඉදිරි පියවර ගත යුතු බව ද රාජපක්ෂ මැතිතුමා පැවසීය.

පළමු අදියර යටතේ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි හෝටල් සහ අවන්හල් අභ්‍යන්තර පරිහරණය සඳහා (In house Dining) විවෘත කිරීමට තීරණය කෙරිණ. එහි ප්‍රගතිය අනුව ලියාපදිංචි නොකළ ආයතන සඳහා ද හමුදාවේ සහාය ඇතිව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණයෙන් ආපනශාලා විවෘත කිරීමට පියවර ගැනේ. සංචාරකයන් බහුල ප්‍රදේශවලට ප්‍රමුඛත්වය දෙමින් විදේශ භාෂා ප්‍රගුණ කළ විශේෂ පුහුණුවලත් පිරිසකගෙන් සමන්විත සංචාරක පොලීසි පිහිටුවීමට ද ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.

“සංචාරකයන් ආකර්ශණය කර ගැනීමේ දී ඔවුන්ගේ රුචිකත්වය අධ්‍යයනය කරන්න. ඇතැමෙක් වෙරළබඩ විවේකයට කැමතියි. තවත් අය කැමති පුරාවස්තු හා වනජීවින් නරඹන්න. සමහරෙක් උනන්දු වන්නේ තේ වතු බලන්න. ඒ අනුවයි සංචාරක ප්‍රවර්ධන සැලසුම් සකස් කළ යුත්තේ” ජනාධිපතිතුමා කීය.

සෞඛ්‍ය ඇමතිණි පවිත්‍රා වන්නිආරච්චි, සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර යන මහත් මහත්මීහූ සහ කොවිඩ් මර්දන කාර්ය සාධන බලකායේ නියෝජිතයෝ සාකච්ඡාවට එක්ව සිටියහ.

– ජනාධිපති මාධ්‍ය අංශය

24,282 Viewers

20 Comments to “ගුවන් තොටුපල විවෘත කරන්න සාකච්චා.. විදෙස් සංචාරකයන් ගෙන්වීමටත් සැලසුම්..”

  1. මාමාණෝ says:

    කොරෝනා නැතිව සංචාරක කර්මාන්තය පවත්වා ගැනීමට,
    මීගමුව සීගිරිය ,සීගිරිය නුවර, නුවර මීගමුව, ඇල්ල ගාල්ල , ගාල්ල මීගමුව ලක්සරි බස් සේවයක් ඇති කිරීම.
    මගපෙන්වන්නට, රියදුරන්ට, හොටෙල් සේවකයන්ට මුකවාඩම් අනිවාර්යය කිරීම

  2. Kalana says:

    පුරා වස්තු ඉඩම් සහ වනාන්තර ඉඩම් ආක්‍රමණය කරමින් පවතියි. දැන්ම මුන්ව එලෙව්වේ නැත්නම් චන්දයක් තියන්නත් රටක් නැතිවෙයි.

    • Dp says:

      මුහුදු මහා විහාරය ගැන වෙන්න අැති කියන්නෙ.

  3. අපේ රට says:

    ජනපතිතුමනි,සංචාරක ක්‍රෙෂ්තයේදි ප්‍රධාන පාරවල් 5 ක් කු\ගල නගරය හරහා වැටි ඇති බැවින් සංචාරකයාගේ රාත්‍රි නැවතුම්පලක් බවට කු\ගල පත්නොකර දින දෙකක් වත් නැරබිය හැකි තැන් සංවිධානය කර නගරයත් සංවර්ධනය කලොත් (Home city) අලුත් සංචාරක නැවතුමක් බවට කු\ගල පත්කලහැක. රජයට වාසිදායක ගිවිසුම් හරහා පුද්ගලික අංශය තුලින් මෙය කලහැක

  4. කෝ කෝ ගුඑන්පි 3% මේකටත් නටපල්ලා.

  5. මාතා says:

    ගරු ජනාධිපතිතුමණි, කොළඹ පිටකොටුවේ පිහිටි තොග කඩ වෙනත් දිස්තුික්කයකට හෝ කොළඹට අසන්න පලාතකට ගෙනිච්චානම් කොළඹට එන වාහන තවත්තා ගන්න පුලුවන්. හැබැයි ඉතිං ඔබතුමා කොච්චර කලත් බලු විපක්ෂය නම් මඩ ගහන්න මඩ කන්ටේනර් තියං ඉන්නේ. දැන් උන්ට American man මතක නැහැ.

  6. රට ගොඩනංවන්න හදන ඔබතුමාට දේව අශිර්වාදය ලැබෙනවා. ජේසු පිහිටයි

  7. ලක්ෂ 69 එකෙක් වීම ගැන මට පුදුම අඩම්බරයක් තියෙන්නෙ.

  8. Bnv says:

    Do not take foolish decision. Still we do not know how navy staff infected??? Still we are not in good condition!!! Count all the option. Do not try things at this stage and put public in danger

  9. රට වැසිය says:

    Great 👍

  10. Liyanage says:

    Yes, this president is the only person who would make this country a developed nations. We too are proud to have vote for him.

  11. PULATHISI says:

    විදේශ සංචාරකයන් ගෙන්වීම මහමැතිවරණයෙන් පසුව කළ හැකි නම් හොඳයි කියන එක යෝජනා කරන්නට කැමැත්තෙමු.
    කොරෝනා රෝගයෙන් අවුල් වූ රට තවත් මාස හයක් පමණ නිරවුල් කිරීමේ කටයුතු අවසන් කර නව නීති සකස්කොට ඒ අනුව එක්තරා රටාවකට සංචාරක ව්‍යාපාරය ක්‍රියාත්මක කළ හැකි නම් ඉතා අගනේය.
    සංචාරක ආදායමට වඩා නිෂ්පාදන ආදායම මත රට රඳාපැවතීම වඩා සුභදායකය.
    සංචාරක ආදායම අමතර ආදායමක් වියයුතු යුයි උපකල්පනය කිරීම සුදුසුය.
    කෙසේ වෙතත් ජනාධිපතිතුමාගේ සියලු කටයුතු සඵලවීමෙන් රටට සුභ අනාගතයක් උදාවේවායි සුභ පතමු.

  12. Saradiel says:

    ජනාදිපති තුමාට සහා පොහොට්ටුවේ සියලු මැති ඇමති වරුන්ට අපේ ප්‍රණාමය අපේ හෙල බිමට බුදු සරණයි

  13. Roshan says:

    සංචාරකයන් රැක ගැනීමට කමිටුවක් පත්කර එහි සභාපති කමට තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිතුමා පත් කරමු.

  14. john the baptice says:

    මැදපෙරදිග සංචාරකයන් නොගත යුතුයි

    • nimalsiri says:

      ow ehemanam thoge duppath urumas vitharak gilina catholika heththa inna romania,bulgaria,portugal,ireland,
      yanaadee antha duppathun inna ratawalin touristlawa gennaganin moda john.

  15. Chinthana says:

    You Are Genius President Gotabaya you are elaborating the economy in the country.

  16. ලොක්කා says:

    ඉරාජ් වීරරත්න වැනි අයට උසස් පත්වීම් දී මේ රට අසබ්, කාමයෙන් පිරුණු රටක් බවට පත් කරන්න එපා.

  17. දියරකුස් says:

    විදේශ ගතවන ස්‍රමිකයන්ගේ ලේ දහඩිය කදුලු වලින් පිං පඩි ලබා සූරාකන සත පහක වැඩක් නැති දුම් පරීක්ශාව මෙන් රටට කිසි යහපතක් නොවන “විදේශ සේවා නියුක්ති කාර්‍යන්සය”නැමැති ලෝකෙටම වැඩක් නැති ආයතනය අයින් කර දමන්න