ගුවන් තොටුපල සේවකයෙකුට කොරෝනා.. සේවකයන්ට කොරෝනා පරීක්‍ෂාවට..

October 7, 2020 at 3:00 pm | lanka C news
ගුවන් තොටුපල සේවකයෙකුට කොරෝනා.. සේවකයන්ට කොරෝනා පරීක්‍ෂාවට..

කටුනායක ගුවන්තොටුපොළේ සේවිකාවකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.

ගුවන්තොටුපල වෛද්‍ය නිලධාරියා සඳහන් කරන්නේ එම කාන්තාව ගුවන්තොටුපල පිරිසිදු කිරීමේ අංශය සේවිකාවක බවයි.

50 හැවිරිදි මෙම සේවිකාව හලාවත ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කර කොරෝනා පරීක්ෂණ ලක් කිරීමෙන් පසු ඇය ආසාදිතයෙක් බව හඳුනාගෙන තිබේ.

ඒ අනුව ඇය සමග ආශ්‍රිත වූ ගුවන්තොටුපලේ සේවක පිරිස ද කොරෝනා පරීක්ෂණ සිදු කිරීම අරඹා තිබේ.

44,622 views

2 Comments to “ගුවන් තොටුපල සේවකයෙකුට කොරෝනා.. සේවකයන්ට කොරෝනා පරීක්‍ෂාවට..”

  1. Dev says:

    කොහෙන් හැදිලද?

    • John the baptice says:

      රාසික්ගේ අලුත් කුරානේ සිටින අල්ලාහ් දෙයියෝ තමයි කොරෝනා බෝකරලා තියෙන්නේ .හික්…හික්…

Main News