ගුවන් තොටුපල හදිසි තත්වයක.. ගුවන් ගමන් ඇතුළු සියල්ල නවතී..

September 29, 2018 at 12:01 am | lanka C news
ගුවන් තොටුපල හදිසි තත්වයක.. ගුවන් ගමන් ඇතුළු සියල්ල නවතී..

මුදල් කළමණාකාරිවරියක් රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීමෙන් කටුනායක ගුවන් තොටුපලේ හදිසි තත්වයක් ඇතිව තිබේ.

මෙම කළමණාකාරීවරියගේ සැමියාට රේගු වංචාවක් සම්බන්ධයෙන් එල්ල වූ චෝදනාවන්ටම අදාලව ඇයද සැක පිට අත්අඩංගුවට ගෙන ඇත.

ඇය අත්අඩංගුවට ගෙන ඇත්තේ සේවා ස්ථානයේ රාජකාරියේ නිරතව සිටියදී වන අතර මීට විරෝදය පල කරමින් ගුවන් තොටුපළේ කළමණාකාරීත්වයද සහිතව විශාල පිරිසක් සේවාවලින් ඉවත්ව විරෝදයේ යෙදුනහ.

විරෝධතාවය නිසා ගුවන් තොටුපළේ කටයුතු සම්පූර්ණයෙන්ම පාහේ නැවතී ඇති අතර ගුවන් යානා ගුවන්ගත වීමද සිදු නොවන බව වාර්තා පලවෙයි.

124 views
Main News