ගුවන් පථය සකසා අවසන්.. කටුනායක හෙට සිට පැය 24ම යලි විවෘතයි..
April 5, 2017 at 5:30 pm | lanka C news
තුන් මසක තාලයක් තිස්සේ අලුත්වැඩියා කරන ලද කටුනායක ගුවන් යානා ධාවන පථය හෙට දිනයේ නැවත විවෘත කිරීමට නියමිතය.
ඒ අනුව හෙට රාත්රියේ සිට සුපුරුදු පරිදි කටුනායක ගුවන් තොටුපලිව් පැය 24 ගුවන් ගමන් සේවා ක්රියාත්මක කෙරේ.
ගතවූ මාස තුනක කාලය තුල රාත්රි කාලයේ පමණක් සීමිත ගුවන් යානා ප්රමාණයක් කටුනායකට ගොඩබස්වන ලද අතර සෙසු සියල්ල හරවා යවනු ලැබුවේ මත්තල ගුවන් තොටුපල වෙතයි.