ගුවන් මගීන්ට කඩදාසි නැති තත්පර 20 කින් ලියාපදිංචි වීමට මාර්ග ගත ක්‍රමවේදයක්…

October 31, 2021 at 2:08 am | lanka C news

කටුනායක ගුවන්තොටුපලේ මගීන් හැසිරවීමේ ක්‍රියාවලිය පහසු හා කාර්යක්ෂම කිරීම සඳහා මාර්ග ගත සෞඛ්‍ය ප්‍රකාශන පද්ධතියක් හඳුන්වා දී ඇත.

ගුවන් මගී හැසිරවීමේ ක්‍රමවේදයේ වර්තමාන වෙනස්කම්වලට අවධානය යොමු කරමින්, වඩාත් කාර්යක්ෂම හා සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයක් සහිත නව මාර්ග ගත COVID-19 සෞඛ්‍ය ප්‍රකාශන පද්ධතියක් හඳුන්වා දීමට කටයුතු කළ බව ගුවන් සේවා හා ආයෝජන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක මහතා පවසයි.

මෙම ක්‍රියාවලිය හදුන්වාදීම තුලින් භෞතික ආකෘති පිරවීමේ භාවිතය හා මානව සම්බන්ධතා අවම වේ. මාර්ග ගත ක්‍රමවේදය ඔස්සේ තොරතුරු ඉදිරිපත් වීම හේතුවෙන් සෞඛ්‍ය බලධාරීන්ට මගීන්ගේ තොරතුරු කල්තියා ලබා ගැනීමට හැකි වන බැවින්, පෝලිම් කාලය අඩු කරමින් මගීන්ගේ සෞඛ්‍ය වාර්තා සමාලෝචනය කිරීමට එය උපකාරී වනු ඇත. මේ සදහා ගුවන්තොටුපල හා ගුවන්සේවා සමාගමේ වෙබ් අඩවිය ඔස්සේ පද්ධතියට ප්‍රවේශ විය හැකි බව රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.

මාර්ගගත සෞඛ්‍ය ප්‍රකාශන පෝරමය – පැමිණෙන මගීන් සඳහා

01. වෙබ්අඩවි‌යේ ඇති සෞඛ්‍ය ප්‍රකාශ පත්‍රය පුරවා ඉදිරිපත් කළ යුතුය.

ඊට අදාළ මෙම ලියකියවිලි ද අමුණා තිබිය යුතුය – 1 වන මාත්‍රාව සහ 2 වන මාත්‍රාවේ එන්නත් කාඩ්පත. පිටත්වීමට පෙර පැය 72ක් ඇතුළත සිදු කරන ලද COVID-19 පරීක්ෂණ වාර්තාව.

02. එම විස්තර ඉදිරිපත් කළ පසු, මගියාට QR කේතය නැරඹීමේ පහසුකම ඇති අතර, ඊට අමතරව, QR කේතයක් සහිත විද්‍යුත් තැපෑලක් මගියාට ලැබෙනු ඇත.

03. මගීන් ගුවන් තොටුපළට පැමිණීමට පෙර ගුවන් තොටුපළේ සෞඛ්‍ය නිලධාරීන්ට මගීන්ගේ තොරතුරු ලැබෙනු ඇති අතර, සෞඛ්‍ය නිලධාරීන් මගීන් විසින් සපයනු ලබන තොරතුරු සමාලෝචනය කරනු ඇත. 04. එසේ පැමිණෙන මගීන් (ඔවුන්ගේ සෞඛ්‍ය ප්‍රකාශන පෝරම අන්තර්ජාලය හරහා පුරවා ඇති අය), සෞඛ්‍ය ප්‍රකාශන කවුළුවෙහි QR කේතය ස්කෑන් කළ යුතුය.

යම් අයෙකුට විදේශයන්හි දී ලියාපදිංචි වීමට නොහැකි QR වුවහොත් කේතය ඇතුලත් පුවරු ගුවන්තොටුපල පරිශ්‍රයේ සවිකර ඇත.

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ හි ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය සමඟින්, ගුවන් මගීන් සඳහා පහසු නව සංචාරක අත්දැකීමක් ලබා දීම තම අමාත්‍යාංශයේ අපේක්ෂාව බව ගුවන් සේවා හා ආයෝජන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.

– සුජිත් කොඩිතුවක්කු

14,701 views

4 Comments to “ගුවන් මගීන්ට කඩදාසි නැති තත්පර 20 කින් ලියාපදිංචි වීමට මාර්ග ගත ක්‍රමවේදයක්…”

  1. Sri Lankan says:

    I recently visited UAE and they asked me to download All hossen App which they collected all our vaccination and PCR information and stored on the app. Everytime we did a PCR test in the UAE within 2 hours results were updated in the app. When we visited any shops, supermarket or any cricket match grounds or mall or any place they looked at our All hossen to see our PCR status. Very effective system. The other thing people respect the rules and procedures and no favourisms and heavy penalty for those Dont follow the process.

  2. ලංකාවට අලුත්……
    ලෝකෙ ගොඩක් රටවල online පුරවන්නෙ. දැන් මාසෙකට කලින් ඉන්දියාවෙ තිබුනා. එකම වෙනස ලංකාවෙ immegration ගොඩක් ඉක්මන්. ඒ නිසා රැදෙන්න වෙන කාලය අඩුයි….

  3. බන්ඩා says:

    ඔය ඇමතියෙකුට email එකක් යවල බලන්න උත්තර ලැබෙනවද කියලා.

  4. Basnayaka says:

    කොහොමත් එයාපොර්ට් එකේ පිස්සු කෙලින සෙට් එකක් ඉන්නව සැප්තැම්බර් 21 දා ඩියුටි ප්‍රි ඇපොයින්ට්මන්ට් එකකට කෝල් කලා 9.30 ට විතර උත්තර දුන්න ගැනු කෙනාට පිස්සුද කොහෙද මේ ලෝකෙ නෙමෙයි හිටියෙ.