ගුවන් යානා ගණුදෙනුවේ කොමිස් මුදල් එවකට මෙරට ප‍්‍රබලයන් තිදෙනෙකුගේ ගිණුම්වලට බැරවෙලා..?

February 10, 2020 at 6:26 am | lanka C news
ගුවන් යානා ගණුදෙනුවේ කොමිස් මුදල් එවකට මෙරට ප‍්‍රබලයන් තිදෙනෙකුගේ ගිණුම්වලට බැරවෙලා..?

2013 වසරේ සිදුව ඇති බවට චෝදනා එල්ලවන එයා බස් ගනුදෙනුවේ කොමිස් මුදල එවකට ආණ්ඩුවේ ප්‍රබලයන් තුන්දෙනෙකුගේ ගිණුම්වලට වැටී ඇති බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

එම පක්‍ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා සඳහන් කරන්නේ එවකට ගුවන් සේවයේ ප‍්‍රධාන විධායක නිලධාරීන් කපිල චන්ද්‍රසේනගේ ඕස්ට්‍රේලියාවේ ගිණුමේ සිට මෙම මුදල් ශ්‍රී ලංකාවේ ගිණුම් තුනකට බැර වී ඇති බවයි.

අදාල ගිණුම් අයිති පුද්ගලයන් කවුදැයි වහා හෙළි කළ යුතු බවද ඔහු පැවසීය.

අදාල ගනුදෙනුවේදී එයාර්බස් සමාගම විසින් සිංගප්පූරුවේ තිබූ ගිණුමකට මුදල් බැර කර ඇති බවත් එම ගිණුම කපිල චන්ද‍්‍රසේනගේ බිරිදගේ බවත් ඉන් පසුව එම මුදල ඕස්ට්‍රේලියාවේ ඇති කපිල චන්ද්‍රසේන ගිණුමකට බැර වීමෙන් පසු එතනින් ශ්‍රී ලංකාවේ ප්‍රබලයන් තිදෙනෙකුට බැර වී ඇති බවත් ඔහු සඳහන් කළේය.

204 views

29 Comments to “ගුවන් යානා ගණුදෙනුවේ කොමිස් මුදල් එවකට මෙරට ප‍්‍රබලයන් තිදෙනෙකුගේ ගිණුම්වලට බැරවෙලා..?”

  1. සිරියාවතී says:

    මුං හැමදාම තටමනවා විතරයි … බෙට්ට දාගන්න බෑ ….!

  2. අක්බාර් ලොක්කා says:

    මේකා කොහොමටත් හැම දෙයක් දිහාම බලන්නෙ “වපර” ඇහින් නේ

  3. desta says:

    crona virus eka genna tama Sri lankan china yanawa lokema air line flight cancelled karala mun yanawa corona genna loktama corona borkarana air line eka wenna ona nisa wenna ethi netha a chinnugen higa kanna puluwanne munta

  4. suminda says:

    yakoo labana aathmekawath manussayek wage uppaththiyak labanna one nam…. me aathmewath pinak ,dahamak karapan. rata wikunan kana 1 danwath nawaththapan. thope 3% labana chanden passe naha kiyalath hitha ganin. thopi lanakawe baluma wela yanawa .. ratakata, jathiyakata wadak nathi para haththa.

  5. B. anthony says:

    මේකෙ කොටන එවුන්ගෙ කොමන්ට් දැක්කම දුකයි. යකුනේ දැන් දීලා තියෙන තොරතුරක් මගින් ඉදිරි කටයුතු කරලා අදාලවුන් අල්ලන්න පොලිසිය දූෂණ මර්ධන අංශ තියෙනවා. මේ කලේ දැනුවත් කිරීමක් . අනිත් කටයුනු කරන්න මුන්ට බළය නෑ. එු ගන තව තොරතුරු ඕනෙනම් මුන්ගෙන්ම ගන්නත් පුලුවන්. තොැතුරු බොරුනම් මුන්ට විරුද්ධව ක්‍රියා කරන්නත් පුළුවන් . ඒක තේරුමු අරගෙන කොටපල්ලා.

Main News