ගුවන් විදුලි ලොක්කෙක් සිරකර විරෝධතා.. අස්වීමේ ලිපිය දී යන්න යයි…

May 20, 2022 at 12:00 pm | lanka C news
ගුවන් විදුලි ලොක්කෙක් සිරකර විරෝධතා.. අස්වීමේ ලිපිය දී යන්න යයි…

රටේ උද්ගතව ඇති ආර්ථික අර්බුදය හමුවේ සියළු රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ගෙවීමටද අසීරු කාර්යයක්ව තිබියදී, සේවක අත්තිකාල දීමනා හා වෙනත් අනවශ්‍ය වියදම් සියල්ල කපාහැරීමට කටයුතු කරන මොහොතක ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථා බලධාරයෙක් ව්‍යාජ ලිපිගොණු සකසා වැටුප් වර්ධක 10ක් ලබාගනිමින් ලක්ෂ ගණනින් මුදල් වංචාකිරීමක් සිදුකොට ඇති බව සංස්ථා සේවකයින් පවසයි.

ඔහු පත්වූ දා සිට සිදුකර ඇති අසාර්ථක ව්‍යාපෘති හරහා සංස්ථා මුදල් නිකරුනේ නාස්ති කොට ඇති බවද චෝදනා කරති.

එසේම සංස්ථා සේවක සංයුතිය පිළිබඳ කිසිඳු තැකීමක් සිදුනොකොට සිය ඥාති පුත්‍රයකු සේවයට බඳවා ගෙන අත්තනෝමතික ලෙස තනතුරු ප්‍රධානය කිරීමක්ද සිදු කොට ඇතැයිද සේවකයන් පෙන්වා දෙති.

දිගින් දිගටම මොහු විසින් සිදුකොට ඇති වංචා, දූෂණ, අක්‍රමිකතා හේතුවෙන් පීඩාවට පත් සංස්ථා සේවකයින් හා සියළු වෘත්තීය සමිති එක්ව ඔහුලෙග් කාර්යාලය වටලා තිබේ.

දැඩි සේවක විරෝධය හමුවේ පැවති තත්ත්වය පාලනය කිරීම සඳහා ජනමාධ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් හා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථා සභාපති ද මැදිහත්වී ඇත.

පසුව ඔහු සිය තනතුරෙන් ඉල්ලා අස්වීමේ ලිපිය භාරදීමෙන් අනතුරුව සංස්ථා භූමියෙන් පිටතට රැ‌ගෙන ගොස් තිබේ.

110,021 views

11 Comments to “ගුවන් විදුලි ලොක්කෙක් සිරකර විරෝධතා.. අස්වීමේ ලිපිය දී යන්න යයි…”

  1. Janaka says:

    චන්ද්‍රපාල ලියන්ගේ, මහින්දගේ මීඩියා ටීම් එකේ ගොට්ටෙක්, අමු කුපාඩියෙක්, සංස්ථාවේ ඉන්න නාකි ගැනුන්වත් ඇදට ගන්න හදපු කාලකන්නි හොරෙක්, තව හොරු හා හෙරියන් කිහිපදෙනෙක් ඉන්නවා, මහින්දගේ උන්ගේ හොර ගෑනූත් ලොකු තනතුරුවල ඉන්නවා. ලොකු තනතුරු කිසිදු සුදුසු කමක් නැතුව ඉන්න උන්වත් පන්නන්න ඔනේ.

    • prasad says:

      ගුවන්විදුලියෙ විතරද? ඇයි රූපවාහිනියෙත් ඉන්නව චන්ද්‍රපාල පරපුරේ පට්ට හොරු. වැඩිකල් නොගොස් උන්ටත් වෙන්නෙ මේ ටිකමයි. හැබැයි හොරාකාපුව මුන්ගෙන් වමාරල ආපහු ගන්න ඕන.

  2. ඉක්කා says:

    තව කොච්චරනම් ඔය වගේ අය ඉන්න තැන් තියෙනවාද ?. ඇයි අයිටී ඒජන්සිය. මරූ ආතල් තැන. ස්පා ටයිප්. ආන්ඩුවේ වැඩ සූක්ෂම විදියට කඩාකප්පල් කරගෙන, මාස්ටර්ස් කරගෙන, සොමියත් අරගෙන ඉන්නවා. බල්ලෙක්වත් නෑ හොයලා බලන්න.

    • virodhaa says:

      අයි සී ටි ඒ එක කියන්නේ කාලකන්නි පල හොරු සෙට් ඉන්න තැනක් … හොරෙක් යනකොට පල් මෝඩ උද්දච්ච් ගොන් හැත්තක් ඉන්නේ. ඕ2 තට්ටයයි, දේශයට අප්‍රිය එකයි, නාකි මයින ජයන්තියයි, ඇතුලේ මගුල් නටන කළු කොට ජයගත් එකයි, තුද්දයි උගේ බානයි නියම කඹ හොරු. අස්වෙලා ගියපු කස්ටිය වක්‍ර මාර්ගයෙන් ටෙන්ඩර් අරන්.. ඉතින් රටක් දියුණු වෙයි යැ

    • sukka says:

      මහින්දගෙ විතරක් නෙවෙයි යහපාලනය ගේන්න 2014-2015 පච පතුරවපු එජාප ගොට්ටො සෙට් එකකුත් ඔය හැම ආයතනයකම ඉන්නවා. ඊට පරණ ගොට්ටොත් ඉන්නවා. එකෙක් වත් මෙලෝ වැඩක් කරන්නෙ නෑ. පෙට්‍රෝලියම් එකේ දන්න එකෙක් ඉන්නවා.. අවුරුදු 10ක් විතර වැඩට යනවා 5ට ගෙදර කිසි වැඩක් කරන්නෙ නෑ. පඩි විතරයි. ජන්දෙට වැඩ කරා නගර සභා සභාපතිට එච්චරයි.

  3. nariya says:

    Gaalumuwadora kollani thawa mewage tjhan thiyenawss e thanwalin raajyasewaya pirisidukaranna patanganna ratama obalaatai

  4. මෙකට තමා මේ අරගලය says:

    මේව අළුත් ප්‍රවෘත්ති නෙමේ. ලොක්කො ඔක්කොම අද වැඩ කරන්න ලැජ්ජාව හිරිකිතය නොමැතිව. පවුලෙ අයට සියළු තානාන්තර දීම අද ඉහළම තැනත් කරන එකේ මේක අප රටේ වෙනස් කළ යුතුයැයි තරුණයන් හඩ නගන විලි ලැජ්ජා නැති දේශපාලන ක්‍රමයයි.

    • Sunimal says:

      බලන් හිටපල්ල තරුණයො ඇවිල්ල ඕක වෙනස් කරයි කියල, උන් ඊට හපන්. උන් උද්ඝෝෂණ කරල, විශ්ව විද්‍යාලවල ස්ට්‍රයික් සංවිධානය කරල දුප්පත් ලමයින්ගෙ අධ්‍යාපනය කඩා කප්පල් කරන ගමන් උන්ගෙ ලමයි පිටරට විශ්ව විද්‍යාලවලට යවල මිලියන ගනන් වියදම් කරල ඉස්තරම්ම අධ්‍යාපණය
      ලබාදෙනව. පොඩ්ඩක් හොයල බලපල්ල අනුරගෙ පුතයි, ලාල් කාන්තගෙ දුවයි කොහෙද ඉගෙන ගන්නෙ කියල නිකම් සිහින ලෝකවල ජීවත්වන්නෙ නැතිව.

  5. රේනුක says:

    ඇයි ITN ceo ලොකු හොරෙක්. සියලු චක්‍රලේඛයෙන් උල්ලංඝණය කරලා වාහන පාවිච්චි කරනවා. ටෙලි නාට්‍ය දාන්න සල්ලි ඉල්ලනවා.

  6. David Milli-banda says:

    There are many more such heads of Departments/Corparations/Bureaus …………………
    Expeidite your cleaning work speedily Guys.

  7. saman says:

    කොහොමද ජෙප්පො හිරු TV එකත් එක්ක සෙට්වෙලා ගහපුගැටේ; අමරකීර්ති අතුකෝරල අමාණුෂික ඝාතනයට ජවිපෙට එල්ලවන චෝදනා සමනයකර එය සියදිවි හාණිකරගැනීමක් කියල පෙන්නන්ඩ දියත් කරපු ජඩ මාධ්‍ය මෙහෙයුම.

Main News