ගුවන් විදුලි සංස්ථාවේ සේවකයෝ කැළඹෙති.. ලොක්කා කාමරයක සිරකර විරෝධතා..

January 4, 2019 at 10:37 pm | lanka C news
ගුවන් විදුලි සංස්ථාවේ සේවකයෝ කැළඹෙති.. ලොක්කා කාමරයක සිරකර විරෝධතා..

ගුවන් විදුලි සංස්ථා සේවක පැමිණීම හා පිටවීම සම්බන්ධයෙන් සංස්ථා අධ්‍යක්ෂ ජනරාල් විසින් නිකුත් කර ඇති මාණ්ඩලික නිවේදනයකට සේවකයෝ විරෝධය පලකරති.

රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති රාජ්‍ය ආයතන වල රාජකාරි වේලාවන් දැක්වෙන 9/2006 චක්‍රලේඛය උල්ලංඝනය වන ලෙස ගුවන්විදුලි සංස්ථා පාලනාධිකාරිය විසින් මෙම මාණ්ඩලික නිවේදන නිකුත් කර ඇතැයි සේවකයන් චෝදනා කරති.

නව නියෝගය හේතුවෙන් සේවකයන්ට නිවෙස් බලා යාමේදී දුම්රිය හා පොදු ප්‍රවාහන පහසුකම් ලබා ගැනීමේ අපහසුතා ඇතිවන බව සේවකයන් කියති.

වහාම එම මාණ්ඩලික නිවේදනය අවලංගු කරන්නැයි සේවකයන් ඉල්ලා සිටියයන් නිසි ප්‍රතිචාර නොවු නිසා එම නිවේදනය නිකුත් කල අධ්‍යක්ෂ ජනරාල් වරයාගේ කාර්යාලය වටලාගෙන විරෝධතාවයක නිරත වූහ.

පැය 3ක පමණ කාලයක් විරෝධතාවයේ නිරත වූ අතර අවසනායේ මාණ්ඩලික නිවේදනය ඉවත් කර ගැනීමට එකග වී ඇත.

17,165 Viewers

One Comment to “ගුවන් විදුලි සංස්ථාවේ සේවකයෝ කැළඹෙති.. ලොක්කා කාමරයක සිරකර විරෝධතා..”

  1. nishanthi says:

    ශ‍්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ කාලයක් පැවති පැමිණීමේ හා පිටවීමේ ක‍්‍රීයාවලිය නිවැරදි කොට මෙම චක‍්‍රලේඛය ඉදිරිපත්කර තිබිණ. මෙම චක‍්‍රලේඛයට අනුව පෙරවරු 08.30ඒ සේනයට වාර්තාකළ යුතු අතර එසේ වාර්තා කරන නිලධාරීන්හට පස්වරු 16.15ට සේවා ස්ථානයෙන් බැහැරවිය හැතිය. එහෙත් වෘත්තීය සමිති 10කට ආසන්න සංඛාවක් මෙයට විරෝධය පා තිබිණ. ඔවුන්ගේ ඉල්ලීම වූයේ පෙර පැවති 0900 – 1615 නීතියම කි‍්‍රයාත්මක කරන ලෙසයි පෙරවරු 0900ට සේවයට වාර්තා කරන සේවකයෝ 1540සිට ඇගිලි සලකුණු යන්ත‍්‍රය අසල පෝලිමේ රැුදෙමින් සිටීයි.
    මෙය අමාත්‍යංශයේ ලේකම්වරයගේද දෝශදර්ශනයට ලක්වී තිබුණදපාලන අධිකාරිය කිසිදු ක‍්‍රියාමාර්ගයක් ගෙන නොතිබිණ. වරතමාන පරිපාලනය යටතේ එය නිවැරදිවිය යුතුබව වෘතිතීය සමිත් පිලිගත්තද සේවකයන් උසිගන්වා මෙම විරෝධතාව ඇතිකොට තිබේ.ඔවුන්ට අනුව සේවට කළ යුත්තේ පැය අටෙන් 7කට ආසන්න කාලයකි. සැබෑව එයද නොවේ විරෝධතාවේ සිටි බොහොමයක් පිරිස කිසිදු කාර්යයක නියැලෙන්නට අසමත් පිරිසකි. එසේම සියලුම වෘත්තීය සමතිවල ප‍්‍රධානපෙළේ නිලතල දරන්නේද අ.පොතසා පෙළවත් නොමැති පරිසකි. පසුගිය පාලන සමයේ 2005 සිට 2015 දක්වා අවිධිමත් පත්වීම් රැුසකින් පත්වූවන් මෙහි බලය අත්පත්කරගෙන තිබේ. සංස්ථාවේ පරිපාලනය සාප්පු සහ කාර්යාල පනතින් පරිපාලනයවන ස්වභිවයකදී මෙය තවදුරටත් ඉටු කළ නොහැකිබව නොතේරෙන්නේ මෙම විරෝධතාවේ කමකරු හා කාර්යාල කාර්ය සහායක පිරිසට තේරුම් කළ නොහැකිබව වෘත්තීය සමිති පාලන අධිකාරියට පවසා තිබේ. පාලන අධිකාරිය ඉදිරියේ ඔවුන් සකුටු කිරීමට සැරරෙන බහුතර වෘත්තීය සමිති සේවකයන් ඉදිරියේ ඔවුන් වෙනුවෙන් පෙනී සිටීම මෙහි බරපතල ගැටලුවයි.

Main News