ගුවන් විදුලි සභාපති පාර්ලිමේන්තු කැදවා කතානායක ඇණගනී.. අදත් කෝටි දෙකහමාරක් පුච්චයි..

December 5, 2018 at 3:00 pm | lanka C news
ගුවන් විදුලි සභාපති පාර්ලිමේන්තු කැදවා කතානායක ඇණගනී.. අදත් කෝටි දෙකහමාරක් පුච්චයි..

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව හිතුවක්කාර ආකාරයෙන් කටයුතු කරන්නේ යයි කරු ජයසූරිය කතානායකවරයා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

පාර්ලිමේන්තුව අද සජීවීව විකාශය කිරීම සදහා ගුවන් විදුලියට මුදල් ගෙවා ඇතත් එය සිදු නොකලේ යයි මන්ත‍්‍රී අජිත් පි පෙරේරා විසින් ඇසු ප්‍රශ්ණයකට කතානායකවරයා මේ බව කීය.

මේ සම්බන්දයෙන් එහි සභාපතිවරයා පාර්ලිමේන්තු කැදවා ප‍්‍රශ්න කල යුතු බව මන්ත‍්‍රීවරයා යෝජනා කල අතර ඊට කතානායකයරයා එකග විය.

ඒ අනුව කතානායකවරයා විසින් ගුවන් විදුලි සංස්තා සභාපතිවරයාට පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙස දැනුම් දෙනු ලැබීය.

කෙසේ වෙතත් සභාපතිවරයාගෙන් ප‍්‍රශ්ණ කිරීමට පාර්ලිමේන්තු වරප‍්‍රසාද කමිටුව ස්ථාපිත කර නැති බැවින් කතානායකවරයා බරපතල නෛතික ප‍්‍රශ්ණයකට මැදිව සිටී.

අද දිනයේදී කල් තැබීමේ විවාදයට පිලිතුරු කතාව පැවැත්වීම සදහා ආණ්ඩුවේ කිසිවෙකු පාර්ලිමේන්තුවට සහභාගී නොවීය.

පාර්ලිමේන්තු සැසිවාරයක් දිනක් පැවැත්වීම සදහා මිලියන 25ක පමණ මුදලක් වැයවෙයි.

28 views

6 Comments to “ගුවන් විදුලි සභාපති පාර්ලිමේන්තු කැදවා කතානායක ඇණගනී.. අදත් කෝටි දෙකහමාරක් පුච්චයි..”

  1. Naki karuwo dan wah tolonchi wella pala .apitaapey rata hadaa gannna deeela.

  2. sunimal says:

    මිලියන 25 කරුමයාගෙන් ලබාගත යුතුය

  3. Asaranaya says:

    නරුම කරු-ම හීන් බබා සීයගෙ මොලේ හොඳටම චක බ්ලාස් වෙලා වගෙයි, චම්-පකයාට බාරදෙමු විදුලි සැර අල්ලන්න., නැත්නම් හිරිනිකාට බාරදෙමු කෝශ දෙක අතගාන්න එතකොට චූන් වෙලා එයි

  4. රටට හිතවත් says:

    මූ නම්,අම්මපා මෝඩයෙක් නැත්නම් පිස්සෙක්! යකෝ පාර්ලිමේන්තුව කියන්නේ එක එකාගේ කම්මැලි කම මකාගන්න තියෙන තැබරුමක් කියලද හිතන්නේ! එනවා, කනවා,බොනවා, පච හලනවා, යනවා! තුහ් විතරක්!

  5. Gotaimbara says:

    With the interim judgement given by the Appeals Court, the country proved one thing. We can very well do away with the 225 Donkeys in Diyawanna. Sirisena (Village Man) and the Well educated and disciplined Government Servants can run the country better than the 225 Donkeys led by the Brain dead Karumaya.

  6. American baya gotha says:

    Parlimenthuwata awith eyata sahabagee nowee canteen eke kaka bibi inna bayyintath pamineeme deemanawa gewanawa neda ?okata sinhalen kiyanne deshapremayada?

Main News