ගුවන් සේවා අධිකාරියේ ත්‍රිකුණාමලය චාරිකාව අමාත්‍යාංශ ලේකම් අණින් නවතී…
November 23, 2016 at 8:02 am | lanka C news
සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් කාර්යාලීය වැඩසටහනක් ලෙසින් සංවිධානය කරන ලද චාරිකාවක් අමාත්‍යාංශ ලේකම්වරයා විසින් හදිසියේ නවතා දමා ඇති බව වාර්තා වේ.
ත්‍රිකුණාමලයේ ඉහළ පෙළේ හෝටලයක පැවැත්වීමට සූදානම් කොට තිබුණු මෙම චාරිකාව වෙනුවෙන් රුපියල් මිලියන 2ක පමණ මුදලක් ඇස්තමේන්තු කොට තිබූ වාර්තා වන නමුත් ඉන් සේවකයින්ට අත්වන කිසිදු ප්‍රතිලාභයක් නොමැති බවද වාර්තා වේ.
තම අනුදැනුමක් නොමැතිව සංවිධානය වූ චාරිකාව වහාම නවතා දමා ඇති ලේකම්වරයා තවදුරටත් අමාත්‍යාංශය යටතේ ඇති සියලු ආයතන වෙත ලිපියකින් දන්වා ඇත්තේ මින් ඉදිරියට අමාත්‍යාංශ අනුදැනුමකින් තොරව කිසිදු ආකාරයක කටයුත්තක් සිදු නොකරන ලෙසයි.
– සිල්වා
May be because the US navy is in Trinco secrets and more secrets