ගුවන් සේවා අධිකාරියේ දූෂණ වහා නවතනු.. – ඇමති නිමල් නියෝග කරයි..

December 23, 2016 at 5:30 pm | lanka C news
ගුවන් සේවා අධිකාරියේ දූෂණ වහා නවතනු.. – ඇමති නිමල් නියෝග කරයි..

සිවිල් ගුවන් සේවා අධිකාරියේ පරිපාලනය අත්නෝමතික ලෙස සිදුකරමින් පවතින නාස්තිකාර මූල්‍ය වියදම් වහාම නවතා දමන ලෙස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමති නිමල් සිරිපාල විසින් අද ගුවන් සේවා අධිකාරියේ දී පැවති විශේෂ රැස්වීමකදී පවසා ඇත.

අධිකාරිය 2017 වසරේ නව ගොඩනැගිල්ලකට යාමට සැලසුම් කර තිබුණේ දැනට පවතින මිලියන ගණනක් වටිනා පැරණි බඩු භාණ්ඩ ආදිය සම්පූර්ණයෙන් ඉවත් කරමින්ය.

නමුත් ඇමතිවරයා නියෝග කොට ඇත්තේ පවතින සියලුම භාණ්ඩ කිසිදු නාස්තියකින් තොරව නව ගොඩනැගිල්ලට රැගෙන යන ලෙසත් කුලී පදනම මත විශාල කුලියක් ගෙවමින් සිටන මෙම ගොඩනැගිල්ලෙන් හැකි ඉක්මනින් ඉවත්ව නව ගොඩනැගිල්ලට යාමට අවශ්‍ය කටයුතු ඉක්මනින් සූදානම් කරන ලෙසත්ය.

තවද මේ දින වල දැඩි මත බේදයකට ලක්ව ඇති ක‍්‍රියාවන් නතර කරන ලෙසත් ඉහළ තනතුරු වලට පැමිණීමට හැකි දෙවන පෙළක් නිර්මාණය කරන ලෙසත් අමාත්‍යවරයා උපදෙස් දී ඇත.

10 views

2 Comments to “ගුවන් සේවා අධිකාරියේ දූෂණ වහා නවතනු.. – ඇමති නිමල් නියෝග කරයි..”

  1. K shantha says:

    Since Jan 15 I was sleeping and dreaming. Kindly note I have woken up now, today.

  2. singha01 says:

    Practice what you preach !

Main News