ගුවන් සේවා අධිකාරිය මත්තල වී ගබඩාව පුහුණුවකට ගනී..
December 8, 2016 at 8:02 am | lanka C news
ලංකා රාජ්‍ය ආයතන ඉතිහාසයේ ප්‍රථම වරට එක් ආයතනයකට අළුතින් බඳවා ගන්නා සේවක පිරිසක් සඳහා ලබාදෙන වැඩිම කාලය වන වසරක පුහුණුවක් සඳහා සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් මත්තල ගුවන් තොටුපල කාර්යාලය තෝරාගෙන ඇත.
ගුවන් සේවා අධිකාරියට අළුතින් බඳවා ගත් සේවක සේවිකාවන් 26 දෙනකුට මෙම පුහුණුව ලබා දෙන්නේ රුපියල් ලක්ෂ 50ක් වියදම් කරමිනි.
අධිකාරියේ දූෂණ අක්‍රමිකතා පිළිබඳ විගණකාධිපතිවරයා විසින් ලබාදී ඇති නිර්දේශ නොතකමින් අදාළ පුහුණුව වෙනුවෙන් රුපියල් ලක්ෂ 50ක් ඇස්තමේන්තු කර ඇත්තේ සාවද්‍ය හේතු දක්වමින් යයිද පැවසෙයි.
– විජිත