ගුවන් සේවා ලොක්කෙක් හොරට පඩි අරන් විඝණකාධිපතිට මාට්ටුයි.. මිලියන ගණනක් ආපසු ගෙවන්නැයි දන්වයි..

December 30, 2016 at 8:40 am | lanka C news
ගුවන් සේවා ලොක්කෙක් හොරට පඩි අරන් විඝණකාධිපතිට මාට්ටුයි.. මිලියන ගණනක් ආපසු ගෙවන්නැයි දන්වයි..

වර්තමානයේ සිවිල් ගුවන් සේවා අධිකාරියේ ඉහලම නිලධාරියෙකු 2010 වසරේ සිට නීතිවිරෝධී ලෙස රුපියල් 17,625ක විශේෂ මාසික දීමනාවක් ලබාගෙන ඇත්තේ කිසිදු භාණ්ඩාගාර අනුමැතියකින් තොරව බව විගණකාධිපති වාර්තාවෙන් හෙලිව තිබේ.

ඔහු විසින් 2007 වසරේ සිට වසර 03ක කාලයක් අධ්‍යක්ෂ ජනරාල් ධූරයේ වැඩබැලීම වෙනුවෙන් මෙම දීමනාව ලබාගෙන ඇති අතර ඉන් පසුවද වසර 06ක් යනතුරු අදාළ දීමනාව නීතිවිරෝධී අයුරින් ලබාගෙන ඇතැයි පෙන්වා දෙමින් රජයේ විගණකාධිපතිවරයා නියෝග කොට ඇත්තේ එසේ නීතිවිරෝධී අන්දමින් ගෙවන ලද සම්පූර්ණ මුදල රජයේ මුදල් බැවින් එම මුදල අදාල නිදළාරියාගෙන් කඩිනමින් අයකර ගත යුතු බවයි.

වසර 06ක් පමණ යනතුරු අදාළ නිලධාරියා විසින් ලබාගෙන ඇති සම්පූර්ණ මුදල ආසන්න වශයෙන් මිලියන 1.2ක් පමණ වේ.

මේ පිළිබඳ විගණකාධිපතිවරයා අමාත්‍යාංශ ලේකම්වරයා පවා දැනුවත් කර තිබුණද මොහු එකී හිඟමුදල් ගෙවීම පැහැර හරිමින් සිටින බවද පැවසේ.

වත්මන් යහපාලන රජය බලයට පත්වූයේ රජයේ මුදල් අයථාලෙස පරිහරණය කිරීම නතර කොට යහපත් රාජ්‍ය සේවයක් ඇති කිරීමේ පිවිතුරු අදිටනින් වන අතර සිවිල් ගුවන් සේවා අධිකාරී පරිපාලනය රජයේ විගණකාධිපතිවරයාගේ නියෝග කෙසේ පිළිපදින්නේද යන්න දෙස අධිකාරියේ සේවකයින් බලා සිටී.

13 views
Main News