ගුවන් හමුදා සෙබලෙකුටත් කොරෝනා..

April 27, 2020 at 4:40 pm | lanka C news
ගුවන් හමුදා සෙබලෙකුටත් කොරෝනා..

කටුනායක ගුවන් හමුදා කදවුරේ සේවය කරන සෙබලෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.

එම සෙබලා ස්වයං නිරෝධායනයේ යෙදී සිටි අයෙක් යයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක දුෂාන් විජේසිංහ මහතා පැවසීය.

අදාල ගුවන් හමුදා සෙබලා කොළඹ ජාතික උණ රෝහලට යොමු කලේ යයිද ඔහු පැවසීය.

මේ හේතුවෙන් කටුනායක ගුවන් හමුදා කදවුර වසා දැමූ බවට පලවන වාර්තා අසත්‍ය යයිද ඔහු කියා සිටියේය.

464 views

14 Comments to “ගුවන් හමුදා සෙබලෙකුටත් කොරෝනා..”

  1. උදාර says:

    සංගීත කණ්ඩායමේ සාමාජිකයෙකු.
    😢😢😢😢

  2. sathya says:

    මේ යන විදිහට ලංකාවේ කොරෝනා අවධානම වැඩි වන බවක් පෙනෙන්නට තිබෙන්නේ , මැතිවරණය පැවැත්වීම අවධානම පහව යන තෙක් කල් දැමිය යුතුය .

    • Alapaluwa says:

      කිසිම ප්‍රශ්නයක් නැ අවුරුදු 5ක් වුවත් කම්නැත අපිට මේ විදිය බොහොම හොඳා..නමුත් පරණ හුචක්කු පැන්ෂන් ගිය එවුන් නම් කීයටවත් අවශ්‍යය නැ නහමයි!!!

    • කෝ රොනාල්ඩෝ says:

      හීනෙන් තියන්න පුළුවන් කියලා මැකෝ කිව්වා…නැත්නම් 2021 තමයි. ප්‍රශ්නේ එතකොට කන්න බොන්න නැතුව මිනිස්සු මැරිලා

  3. අපි says:

    කෝ මේ වැඩ කරන අපේ විරුවා..කොරොනා වලින් ගොඩ යන්න හදපු මේ සක්කිලි රැල රටත් ජාතියත් මහ අනතුරෙ හෙලා ඇත..දැන් කහ සිවුරු අස්සෙ රින්ගමින්,පන්සල් වලට ගොස් පොටෝ ශුට් කරමින් මෝඩ ජනතාව ඇන්දවිමට උත්සහ කරයි. උබලා දසමයක් වත් රටට ආදරෙ පිරිසක් නොවේ..උබලා හැමවිටම උත්සහ කලේ බලය ලබා ගැනිමට පමනි. ජාතකය හොද නැති පවුලක් මුල් පුටුවලට පත් විමෙන් මේ තත්වය ඇතිව තිබේ.

    • Ara says:

      Jatake hpnda nette thoge..paraya tho kiyanna sajith hitiyana korai kiyalada pala wal balla

    • Lolla says:

      ජාතකේ හරි නැති උන්ව ගෙදර යවල හිටපු පොන්න සෙට් එක නැවත ගෙන එන්න ඕනේ…….

  4. Desh says:

    සින්දු කියන තැන් වල ජනතාව එක රැස් වෙලා ඉන්නවා මමත් දැක්කා. මීට වඩා අපි ඔක්කොම පරිස්සම් වෙමු.

  5. Nishantha says:

    Udara, please find out correctly and tell us. Thanks

  6. Janaka1 says:

    වෙසක් සතිය අවසන් තුරු මේ lock down එක පවත්වා ගෙන යා යුතුයි. නැත්නම් කොච්චර එපා කිව්වත් අපේ බෞද්ධයන් බෞද්ධාලම්බන ප්‍රීතිය පෙන්නන්න ගිහින් මේ කොරෝනවට අහුවෙනවා.

  7. ඩේසි ආච්චි ගේ පුතා says:

    අපි මෙතන කොමෙන්ට් දැම්මාම ඔය ෆ්ලැට් ඉසාරහට ගිහින් බජව් දාන එකෙන් වෙන්නේ තවත් කොරෝනා බෝ වෙන එක වැඩි වෙනවා මිසක් ආතතිය අඩු වෙන එක නෙමෙයි කියලා..අර කවුද කියනවා ඇහුණා අපිට නම් නොකළ හැක්කක් නොමැත කියලා. දැන් කොර ගත්තා නේ.

    • Bellimissa Holdings says:

      මට මතකයි කවුද යටි ගිරියෙන් කෑ ගහලා කිව්වා අපිට නොකල හැක්කක් නොමැත කියලා.. අද මට නේවි එකේ ඇතුලේ එකෙක් කෝල් කරලා කිව්වා, නොකල හැක්කක් නොමැත නෙමෙයි, දැන් නම් කක්ක කරන්නත් නොහැක වගේ කියලා. ඒ තරමටම වැඩේ අවුල් වගේ. ටොය්ලට් පාවිච්චි කරන්නත් බයයි කියලා. ඉතින් ජනාධිපති රට වටේ යනවා හාමුදුරුවෝ පස්සෙයි, දෙය්යෝ පස්සෙයි ප්‍රස්නේ විසදලා දෙන්න කියලා. ඇත්තෙන්ම මිනිස්සු චන්දෙ දුන්නේ මේ ජනාධිපතිට ද නැත්නම් වෙන කෙනෙක්ටද ?
      Copied.

  8. උපාසක says:

    අවංකව දුක්වෙන අය අතරේ වෙච්ච දේ ගැන සතුටුවෙන කාලකණ්ණිත් ඉන්න බව පෙනෙනවා. දහස් ගාණක් මැරිලා ආණ්ඩුවට කෙලවෙයන් කියලා ප්‍රාර්ථනා කරන උඹලා ගැන ගොඩක් කණ්ගාටුයි. රෝගයට ගොදුරු වෙන්නේ අපේම රටේ ජනතාව. උඹලගේ පවුල් වල උන්ට හැදුන දවසට උඹලට තේරෙයි. දේශපාලනේ පස්සේ කරපල්ලා. මේක ඉවරයක් වෙනකල් නිශ්ශබ්දව ඉදපල්ලා.

  9. Saradiel says:

    ඉක්මන් සුවය පතමු

Main News