ගුවන් හමුදා යානාවක්‌ විනාශ කළැයි චෝදනා ලත් හිටපු කොටියා නිදහස්‌…

March 10, 2017 at 6:48 pm | lanka C news
ගුවන් හමුදා යානාවක්‌ විනාශ කළැයි චෝදනා ලත් හිටපු කොටියා නිදහස්‌…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ඇන්ටනෝව් යානාවකට මිසයිල ප්‍රහාරයක්‌ එල්ල කර වැනසූ බවට චෝදනා ලැබ සිටි සිවසුබ්‍රමනියම් තිලයිරාජා නමැති හිටපු කොටි ක්‍රියාකාරියා යාපනය අධිකරණය මගින් නිදහස්‌ කර ඇත.

මොහු ත්‍රස්‌ත මර්දන ඒකකයට කර තිබූ බව කියන පාපොච්චාරණය අධිකරණය විසින් ප්‍රතික්‍ෂේප කර තිබේ. තමා රැඳවුම් භාරයේ සිටියදී පාපොච්චාරණ ලබාගත් බව සැකකරු අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත.

වන්නි මෙහෙයුම අවසානයේදී මොහු අසු වී තිබූ අතර මොහුට එරෙහිව මගීන් 55 ක්‌ රැගත් ලයන් එයාර් යානාව විනාශ කිරීමේ නඩුවක්‌ද ඇති බව අනාවරණය වේ.

– දිවයින

18 views
Main News