ගුවන් හමුදා විරුවෙක් ඉන්දියාවට පිහිනයි.. ආපසු ලංකාවට පිහිනයි.. වාර්තාවක් පිහිටුවයි..
April 11, 2021 at 8:40 am | lanka C news
ගුවන්හමුදා සෙබලෙකු විසින් තලෙයිමන්නාරම ඌරුතොට ජැටියේ සිට ඉන්දියාවේ ධනුෂ්කොඩිය දක්වා පිහිනා අද (11) උදෑසන යලි ඌරුතොට ජැටිය දක්වා පැය 28 විනාඩි 19 තප්පර 43 කින් පැමිණ නව ආසියාතික වාර්ථාවක් පිහිටවූ බවට ගුවන් හමුදාව පවසයි.
ගුවන්හමුදාවේ 015248 නායක ගුවන්භට රොෂාන් අබේසුන්දර නැමති සෙබලා විසින් ඊයේ (10) දින පෙරවරු 02 ට ඌරුතොට ජැටියෙන් ධනුෂ්කොඩි දක්වා පිහිනීම ආරම්භ කළ අතර අද උදෑසන වන විට ගුවන්හමුදා සෙබලා විසින් අනුමාන කල කාලයටත් වඩා පෙරාතුව නැවත ඌරුතොට ජැටියට පැමිණ නව ආසියතාක වාර්ථාවක් තැබීය.
මීට පෙර තලෙයිමන්නාරම උරුතොට ජැටියේ සිට ධනුෂ්කොඩි දක්වා ගොස් ආපසු පැමිණීමට ඇති කිලෝමීටර් 59 මීටර් 300 ක දුර ප්රමාණය පැය 51 ක කාලයකින් ඉන්දියාවේ ආනන්දන්කුමාර් නැමත්තා පිහිනා ආසියාතික වාර්ථාවක් තබා තිබූ අතර එම කාලය පැය 35 කින් අවසන් කර නව ආසියාතික වාර්ථාවක් තැබීමට ගුවන් හමුදා සෙබල රොෂාණ් අබේසුන්දරගේ ඉලක්කය විය.
කෙසේ වෙතත් පැය 28 විනාඩි 19 තප්පර 43 කින් ඉන්දියාවේ ධනුෂ්කොඩි වෙතට පිහිනා නැවත පැමිණි රොෂාන් අබේසුන්දර ගුවන් හමුදා සෙබාලට නව ආසියාතික වාර්ථාව පිහිටුවීම සඳහා ගුවන් හමුදාපති එයාර්මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ මගපෙන්වීම මත ගුවන්හමුදාවේ ගුවන්හමුදාවේ ක්රීඩා අධ්යක්ෂක ඇතුලු ක්රීඩා කෞන්සිලයෙන්ද, නාවික හමුදාවේ සහ ඉන්දීය වෙරලාරක්ෂක බලකායේද සහය ලැබී තිබුණි.
– වන්නි රොමේෂ් මධුෂංඛ
Very good job.
Mona……Very good job ekadda.
Chilaw, waladi mama padi talk danda gihin ගුවන් හමුදා kollek mata neluwa atti halenda , rewnakam…..
උනුසුම් සුභ පැතුම් විරුවාණනි…..
WELL DONE SIR.
බොරැ ෂෝ දැං මෙික විතරයි රටට අඩුවෙලා තිබුනේ
Roshan
Godak Lankave minissu Daksayanta Niyama garuthwayak Denne nehe.
Pidiya yuthan pudanna nodanna jathiyaka Mala bera handa Me yakku vayanne.
Congratulations greatest son of Mother Sri Lanka.
@Neel උබට ඇත්තේ පැහැදිලිවම ඉර්ෂියාව …උබ ගැන උබම ලජ්ජා වෙයන් බුරුවා
රොෂාන් අබේසුන්දර , ගුවන් හමුදා විරුවාට අපේ සුභ පැතුම් …
Roshan Abesundara ,Congratulations….
We are so proud of you ! Way to go! Well done! Good Job! What an honor! Keep up the good work!
CONGRATULATIONS!
Well done Roshan ,you did it…CONGRATULATIONS!