ගූගල් බැලූන් කතාවත් කෙප්පයක්..?
February 10, 2017 at 12:26 am | lanka C news
රටටම අන්තර්ජාල පහසුකම් නොමිලේ ලබා දීම සදහා යයි කියමින් මෙරටදී ගූගල් බැලූනයක් ගුවන් ගත කිරීමට ගත් උත්සායහ සම්බන්දයෙන් ගැටළු සහගත තැන් ගණනාවක් මතුව තිබේ.
මෙම කටයුත්තට මැදිහත් වී ඇත්තේ ICTA බලධාරියෙකු වන මුහුන්දන් කනකි හා නාදන් ශිවගනනාදන් නම් පුද්ලයින් විසින් ‘රාමා ප්‍රොජෙක්ට්’ නම් සංවිධානයක් හරහා බවද සදහන්ය.
මෙම කටයුත්ත සදහා එම සංවිධානය විසින් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙන් අන්තර්ජාල සංඛ්‍යාත විශාල ප්‍රමාණයක් ඉල්ලා ඇති අතර විදුලි සංදේශ නියාමන කොමිසම විසින් අදාල ඉල්ලීම ප්රතික්ෂෙප කර ඇත.