ගෙදර ඉන්න බල්ලා තරම්වත් ශ‍්‍රීලනිපය විශ්වාස නෑ.. ගෝටා-බැසිල්-චමල් කවුරු ඉල්ලුවත්ත් 60% සහතිකයි..

March 26, 2019 at 2:10 pm | lanka C news
ගෙදර ඉන්න බල්ලා තරම්වත් ශ‍්‍රීලනිපය විශ්වාස නෑ.. ගෝටා-බැසිල්-චමල් කවුරු ඉල්ලුවත්ත් 60% සහතිකයි..

තම නිවසේ සිටින බල්ලා තරම්වත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී පිරිස ගැන විශ්වාසයක් නැති බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා සඳහන් කරයි.

දැනටමත් තම පාර්ශවය 50% කට වැඩි ජනතා කැමැත්තක් ලබාගෙන සිටින බවද ඔහු සඳහන් කළේය.

ළඟ ජනාධිපතිවරණ අපේක්ෂකයා ස්ථිර වශයෙන්ම රාජපක්ෂවරයෙක් පමණක් යයි ද මන්ත්‍රීවරයා පැවසුවේ පොළොන්නරුව ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමිනි.

ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, චමල් රාජපක්ෂ වැනි ඕනෑම රාජපක්ෂ වරයකුට 60% ක අති බහුතරයෙන් ජයගැනීමට හැකි වාතාවරණයක් දැන් සකස් වී අවසන් යැයි ද මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ශ්‍රීලංකා එකේ කණ්ඩායම ගෙදර ඉන්න බල්ලා තරම්වත් විශ්වාස නෑ

ශ්‍රීලංකා එකේ කණ්ඩායම ගෙදර ඉන්න බල්ලා තරම්වත් විශ්වාස නෑ

Gepostet von Ada Derana 24×7 am Montag, 25. März 2019

254 views
Main News