ගෙදර ප්‍රශ්නයක් තියෙනවා.. ඒත් එකපාරටම දික්කසාද වෙන්නේ නැහැ – අර්ජුන

October 17, 2016 at 6:48 pm | lanka C news
ගෙදර ප්‍රශ්නයක් තියෙනවා.. ඒත් එකපාරටම දික්කසාද වෙන්නේ නැහැ – අර්ජුන

ජනාධිපතිතුමා සහ අගමැතිතුමා තීරණ ගැනීමේදී පක්ෂයට වඩා රට ප්‍රමුඛත්වයෙහිලා සලකන බව වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග පවසයි.

දෙපාර්ශවය එක්ව රට හදන, රට ඉදිරියට ගෙනයන එම ක්‍රමවේදය සමඟ සියලුදෙන එක්විය යුතු බවත් ඔහු එහිදී වැඩිදුරටත් පැවසීය.

ඔහු මේ බව පැවසූයේ ‘ගමේ පන්සල ගමට සවියක්’ වැඩසටහන හා එක්වෙමිනි.

දූෂිතයන් දුටු තැන අල්ලා සිරභාරයට ගැනීම නොව නීතිය නිසි පරිදි ක්‍රියාත්මක කිරීම යහපාලන ආණ්ඩුවේ ප්‍රතිපත්තිය වන බවද කියා සිටියේය.

“ ගෙදරක ප්‍රශ්න ඇති වුණාම එකපාරම දික්කසාද වෙන්නේ නැහැනේ. සාකච්ඡා මාර්ගයෙන් ඒ ප්‍රශ්න විසඳගන්නවා. ඒ වගේ තමයි වත්මන් ආණ්ඩුවත්. අපි අසතුටු දේවල් තියෙනවා. නමුත් ඒ දේවල් හදාගෙන ඉදිරියට යන්න අපිට හැකිවෙන්න ඕන. බොහෝදෙනෙක් හිතනවා වැරදි කරලා තියෙනවා කියලා දැනගත් ගමන් හිරේ දාන්න ඕන කියලා. නමුත් ඒ ක්‍රමවේදය අපි ඇති කරලා නැහැ. අපි කරන්නේ නීතිය ක්‍රියාත්මක කිරීමයි. ඕනම පුද්ගලයෙකුට අපි නීතිය ක්‍රියාත්මක කරනවා. විශේෂයෙන්ම ජනාධිපතිතුමා කිව්වා හිටපු ආරක්ෂක ලේකම්තුමා සහ හමුදා ප්‍රධානීන්ට මෙවැනි දේවල් කරනකොට ක්‍රමවේදයක් ඇතිව එය සිදු කරන්න කියලා. නමුත් ජනාධිපතිතුමා කියලා නැහැ වැරදි කරන පුද්ගලයෙක්ට කවදාවත් දඞුවම් දෙන්න එපා කියලා. එතුමා කියලා තියෙන්නේ කරන ක්‍රමය හරි විදියට කරන්න කියලා. ඒකාබද්ධ විපක්ෂය කියලා පක්ෂයක් ඇත්තටම නැහැ. ජනාධිපතිතුමයි, අගමැතිතුමයි අද තීරණ ගන්නේ පක්ෂය ගැන නෙවෙයි රට ගැන හිතලයි. ඒක නෙවෙයිද අපේ රටේ මිනිස්සුන්ට අවශ්‍ය. අපේ රටේ මිනිසුන් පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටයි, එක්සත් ජාතික පක්ෂයටයි දෙගොල්ලටම බලයක් දුන්නා. දින සියයේ වැඩ පිළිවෙළ ඔවුන් අනුමත කළා. දෙපාර්ශවය එක්ව යන ගමනට ඔවුන් සහයෝගය දැක්වූවා. අපි එම ක්‍රමවේදයේ ඉදිරියට යනවා….” යැයිද අර්ජුන රණතුංග අමාත්‍යවරයා එහිදී පැවසීය.

– තමීර මංජු

6 views

5 Comments to “ගෙදර ප්‍රශ්නයක් තියෙනවා.. ඒත් එකපාරටම දික්කසාද වෙන්නේ නැහැ – අර්ජුන”

  1. කුල් අන්තඃ පුරේ says:

    අනිත් එක එහෙම දික්කසාද උනොත් මට මොකද වෙන්නේ. මගේ අන්තඃ පුරේට මොකද වෙන්නේ. අනේ එහෙම දික්කසාද වෙන්න එපා. රටට කෙල උනත් කමක් නැහැ.

  2. Disce aut descede says:

    තමුසෙල මේ රටට ප්‍රශ්නයක් වගේම පිලිලයක්වෙලා හමාරයි. . ඒකයි අපට විසඳන්න තියෙන්නෙ.

  3. jayalath says:

    පිස්සුද ? දික්කසාදවෙන්නෙ නැහැ, හොරෙන් ගෙදරට පිට අය ගෙන්වාගන්නවා හික්ස්!!

  4. San says:

    Hathara athe badu gahana kota gedara prashana athi novi thiyeyi da

  5. sunil says:

    Eaka nemei machan Kohomada Anthhh puree weda piliwela ehema

Main News