ගෙදර සුරතල් සුනකයා සපා කෑමෙන් ජලභීතිකාව හැදී තිදරු පියා මිය යයි….

October 3, 2021 at 2:18 am | lanka C news
ගෙදර සුරතල් සුනකයා සපා කෑමෙන් ජලභීතිකාව හැදී තිදරු පියා මිය යයි….

යාපනය අච්චුවේලි ප්‍රදේශයේ නිවසක සුරතලේට ඇතිකල සුනකයෙකු සපාකෑමෙන් ඇතිවූ ජලභීතිකා රෝගය හේතුවෙන් පුද්ගලයෙකු ඊයේ (30) දින මිය ගොස් ඇතැයි යාපනය පොලීසිය පවසයි.

අච්චුවේලි තොප්පු ප්‍රදේශයේ පදිංචි තිදරු පියෙකු වූ 44 හැවිරිදි වයිරමුත්තු වසන්තරාසා නැමත්තාට මීට සතියකට පමණ පෙර නිවසේ ඇති කල සුනකයා සපා කෑමෙන් තුවාල සිදුවී ඇතත් සුනකයා සපා කෑම නිසාවෙන් කිසිදු ප්‍රතිකාරයක් ගෙන නොමැත.

සුනකයා සපා කා පසු දින සනුකයා මිය ගොස් ඇතත් එම පුද්ගලයා එතරම් සැලකිල්ලක් නොදක්වා සිට ඇති අතර දින කිහිපයක් ගත වද්දි ඇති වූ රෝගී තත්වයක් හේතුවෙන් අච්චුවේලී රෝහලට ඇතුලත් කොට ඇත.

එහිදී අදාල පුද්ගලයාට ජලභීතිකා රෝගය වැළඳී දැඩි අසාද්‍ය තත්වයෙන් පසු වීම හේතුවෙන් යාපනය ශික්ෂණ රෝහලට මාරුකොට එවීමෙන් අනතුරුව එහි ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ සවස මිය ගොස් ඇත.

යාපනය ශික්ෂණ රෝහලේදී සිදුකරන ලද පශ්චාත් මරණ පරික්ෂණයේදී හෙලි වී ඇත්තේ සුනකයා සපා කෑමෙන් පසුව නියමිත් එන්නත් ප්‍රතිකාර නොගැනීමෙන් ජලභීතිකා රෝගය වැළඳීම හේතුවෙන් එම පුද්ගලයා මිය ගොස් ඇති බවටය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

28,137 views

3 Comments to “ගෙදර සුරතල් සුනකයා සපා කෑමෙන් ජලභීතිකාව හැදී තිදරු පියා මිය යයි….”

  1. ගෞම් ඊයාරාජ් says:

    උම්මාද බෛයියොන්ව උම්මාද බල්ලො කනව… නැත්තන් උම්මාද ජෙපි කාලකන්නියෙක් කාලා 😂

  2. ගෞම් ඊයාරාජ් says:

    බෛයියන්ටත් උම්මාදෙ… ජෙපි කාලකන්නින්ටත් උම්මාදෙ… බල්ලන්ටත් උම්මාදෙ… උම්මාදෙ නැත්තෙ සජබ විතරයි

  3. MD says:

    අවුරුදු 44ක් පොතක් පතක් ගුවන් විදුලිය රූපවාහිනීය සමාජය නැදෑයෝ හිතවතුන් මිතුරන් ඇසුරු නොකරපු කෙනෙක් නිසා කනගාටු නොවුනත් නිවන් සුව පතමි.

Main News