ගෙයකට පැන යකා නැටු පොහොට්ටු මන්ත්රී අත්අඩංගුවට..
January 1, 2021 at 10:40 am | lanka C news
දඹුල්ල නගර සභාවේ මන්ත්රීවරයෙකු ඉබ්බන්කටුව ප්රදේශයෙන් නිවසකට බලහත්කාරයෙන් ඇතුළු වී දේපළවලට හානි කළේ යැයි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ශ්රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන දඹුල්ල නගර සභාවේ මන්ත්රීවරයෙකු මෙසේ අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි.
කලක් තිස්සේ පවතින ආරවුලක් මත අදාළ මන්ත්රීවරයා රාත්රී කාලයේ එම නිවසට ඇතුළු වී එහි තිබූ කැමරා පද්ධති කඩා දමා වාහන පහරදී අලාභහානි සිදු කර ඇතැයි පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබේ.
ඒ අනුව ඔහුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කල බව පොලිසිය කියයි.
නියමයි. ඔය වගේ මෝඩ පක්කිලින්ට අසූචි ගසා එලවිය යුතුයි.
යක් බෙරයකුත් අරන්ද අවේ?