ගෙවත්තේ ලිඳෙන් දිය නාමින් සිටි කාන්තාවකගේ ඇඟ මතට යාබද වත්තේ කපන ලද කිතුල් ගසක් වැටි මිය යයි…

February 27, 2021 at 8:40 am | lanka C news
ගෙවත්තේ ලිඳෙන් දිය නාමින් සිටි කාන්තාවකගේ ඇඟ මතට යාබද වත්තේ කපන ලද කිතුල් ගසක් වැටි මිය යයි…

වැලිපැන්න කුරුඳුවත්ත ගබඩා හංදිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් සිය ගෙවත්තේ ලිඳෙන් දිය නාමින් සිටියදී යාබද වැට මායිමේ කපමින් සිටී කිතුල් ගස එම කාන්තාවගේ ඇඟ මත වැටීමෙන් බරපතළ තුවාල ලබා මරණයට පත්වී ඇතැයි වැලිපැන්න පොලිසිය කියයි .

මෙසේ මියගොස් ඇත්තේ රමණි වසන්තා ගුණතිලක (52) නැමැති කාන්තාවකි මෙම මරණය සම්බන්ධයෙන්එම කිතුල් ගස් අනාරක්ෂිතව කැපීමට කටයුතු කළ පුද්ගලයන් තිදෙනෙකු වැලිපැන්න පොලිසිය මගින්අත්අඩංගුවට ගත් බව කියයි.
.මියගිය කාන්තාවඑම නිවසේ මාසික කුලී පදනම මත පදිංචිව සිටියදී මෙම අවාසනාවන්ත ලෙස මරණයට පත් වී තිබෙන බව පරීක්ෂණ සිදුකරන පොලීසිය කියයි.

එලෙස කැපීමට කටයුතු කර තිබූ කිතුල් ගස කඹයක් ගැටගසා ඇදීමට කටයුතු කළත් එම කඹය පාලනය කරගත නොහැකිව අනාරක්ෂිත වීමෙන් මෙම මරණය සිදුවී සිදු වී තිබෙන බව පොලිසිය කියයි .

මෙම අනතුරෙන් බරපතළ තුවාල ලැබූ කාන්තාව රෝහල් කරා ගෙන යෑමට ද සිදු වූ ප්‍රමාදයක් හේතුවෙන් මරණයට පත් පත්වන්නට ඇතැයි විශ්වාස කරන බව එම නිලධාරීන් කියයි .

වැලිපැන්න පොලිසිය ස්ථානාධිපති ආනන්ද සිල්වා මහතාගේ උපදෙස් පරිදි
නිලධාරීන් කණ්ඩායමක් පරීක්ෂණ සිදු කරයි

– අලුත්ගම තුසිත කුමාර ද සිල්වා

19,785 views

4 Comments to “ගෙවත්තේ ලිඳෙන් දිය නාමින් සිටි කාන්තාවකගේ ඇඟ මතට යාබද වත්තේ කපන ලද කිතුල් ගසක් වැටි මිය යයි…”

  1. ගහක් කපන තැන නාන්න තරං ගිරිස්මයක් ඒ පැත්තෙ තියෙනවද????කියල පොඩි මෙව්ව එකක් හිතට දැනෙනවා.
    ගස් කපන්නො කබේ කියල වෙන වැලක් ඇද්ද දදද???? දන් නෑ ;;;;;;;;

  2. Love nature says:

    නිවන් සැප ලැබේවා.

  3. Dead Rope says:

    Kambe adinna hitapu thundena, eka amathaka karala kaanthaawa naanadiha balan inna athi.

Main News