ගෙවන්න ඩොලර් නෑ.. අත්‍යවශ්‍ය ආහාර කන්ටේනර් 2,500ක් වරායේ හිරවේ…

March 10, 2022 at 12:40 pm | lanka C news
ගෙවන්න ඩොලර් නෑ.. අත්‍යවශ්‍ය ආහාර කන්ටේනර් 2,500ක් වරායේ හිරවේ…

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය කරන ලද කන්ටේනර් 2500කට වැඩි ප්‍රමාණයක් කොළඹ වරායේ ගොඩගැසී ඇති බව අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කරයි.

ඒවා මුදා ගැනීමට අවශ්‍ය ඩොලර් නිකුත් නොකිරීම හේතුවෙන් මෙම තත්ත්වය උදාවී ඇති බව ද සංගමයේ නිලධාරියෙක් පැවැසීය.

මාසයකට වැඩි කාලයක සිට මෙම කන්ටේනර තොගය එකතු වී ඇති බවද පැවසූ ඔහු සහල්, සීනි, කඩල, පරිප්පු, වියලි මිරිස්, කරවල, කොත්තමල්ලි ඇතුළු ආහාර ද්‍රව්‍ය රැසක් ම ඒවායේ ඇතැයිද කියා සිටියේය.

18,085 views

7 Comments to “ගෙවන්න ඩොලර් නෑ.. අත්‍යවශ්‍ය ආහාර කන්ටේනර් 2,500ක් වරායේ හිරවේ…”

  1. ගිරවා says:

    පොහොට් ටුවේ මැති ඇමැතිලාගේ ගිණුම් රාජසන්තක කරන්න ..මුදල් සොයාගැනීමට පහසුයි ..රට පාලනය කරන හොර කුරහන් සාටක පවුලේ උදවියගේ ගිණුම් රාජසන්තක කරන්න .රටේ ජනතාවගේ බදු මුදල් සොරාගත් නිසයි ආර්ථිකය අගාදයේ

    • කුඹුක්කණ් says:

      රටින් කෑම ටික ගේන්න වත් ඩොලර් ටික නැති වෙන්න හූරා කෑවට පස්සෙ දැන් බැරිකම වහගන්න ආනයන තහනම් කරනව මෝඩ වහල් බයියො සියරට දේ සිරි සැප දේ සිරිමා යුගේ කිය කියා හුරේ දානව මේ මෝඩ හැත්ත දන්නෙ නෑ හැත්තෑවට වඩා අවුරුදු පනහක් විතර ලෝකෙ ඉස්සරහට ගිහින් කියල ලෝකෙ නිදහස් වෙලදාම කියල දෙයක් තියෙනව සාපේක්ෂ වාසිය සහිත භාන්ඩ නිපදවල අනික්ව එලියෙන් ගන්න ක්‍රමයක් තියෙනව ආනයන නැති උනාම අපනයන කන්ටේනර් ප්‍රවාහන ගැටලු එනව මේ මොකක්කත් නොදන්න මෝඩ බයි හෙළ සියරට දූපත් ආතල් ලණු ගිලල බඩට බත් නැතුව පෝලිමේ

  2. Mahesh says:

    පිස්සෙක් මුල් පුටුවේ වාඩි කරලා රටම විනාසයි.

  3. අපිත් අපේ අඹුදරුවනුත් , නොමරා මරමින්, අපේ ඇටකටු තවදුරටත් සූප්පු නොකරමින්, අපේ දරුවන්ගේ ලේ තව දුරටත් උරා නොබොමින්, නූගත් , සක්කිලි ඇමරිකානු උලමෝ ! පල ආපහු තොගේ මවුබිම ඇමරිකාවට! ඇමරිකාවේ highway වල ටිකට් කඩපන්!තෝ දන්න රස්සාව ඒකනේ!මෙහේ ඉන්නවා නම්, ආපහු මහවැලියට ගිහින් කැන්ට්මේ තේ හදපන්! ඒකත් තෝ දන්න රස්සාවනේ!නොදන්න දෙමලෙට ගිහින් වරිගේ විතරක් නොවේ බොල !මුලු රටම වනසන්නේ නැතිව හිටු!

  4. gadol says:

    දැනට තිබෙන්නේ රජය ඉල්ලා අස්වීම පමණයි.

  5. බන්දුල says:

    ඉතින් ඩොලර් වලින්ම ගෙවන්න ඕන නෑනේ. අච්චු ගහපු රුපියල් වලින් ගෙවමු…

  6. True Srilankan says:

    මදැයි.. දැන් ඉතින් ආසාවට කීයක් දීලා වත් ඔය ටොබ්ලරෝන් කැඩ්බරි වගේ ඉහළ තත්ත්වයේ චොකලට් එකක් කටේ තියන්න ලැබෙන එකක් නෑ. දැන් ඉතින් කාපල්ලාකො කැන්ඩොස්, රිට්ස්බරි කිරි මැටි.

Main News