ගෙවන්න ඩොලර් නෑ.. වරයේ ගුදම්වල කිරිපිටි තොග ආපසු යවයි..

September 30, 2021 at 10:22 pm | lanka C news
ගෙවන්න ඩොලර් නෑ.. වරයේ ගුදම්වල කිරිපිටි තොග ආපසු යවයි..

මාස කිහිපයක් තිස්සේ වරායේ ගුදම් වල ගබඩා කර තිබෙන ආනයනික කිරිපිටි නිදහස් කරගැනීමට ඩොලර් නිකුත් කිරීම තවදුරටත් ප්‍රමාද වන්නේ නම් ඒවා ප්‍රති අපනයනය කිරීමට කටයුතු කරන බව එම ආනයනකරුවන් කියා සිටිති.

ඔවුන් පෙන්වා දෙන්නේ වරාය තුළ රඳවා තබා ගන්නා කාලය සදහාද විශාල වශයෙන් ගුදම් ගාස්තු ගෙවීමට සිදුව ඇති බවයි.

එමෙන්ම ඒවා කල් ඉකුත් වීම වීමට ඉඩකඩ ඇති නිසා ඒවා වෙනත් රටකට ප්‍රති අපනයනය කිරීමට ඇති හැකියාව සොයා බලන්නැයි ඒවායේ නිෂ්පාදන සමාගම් වෙතින් ඉල්ලා සිටි බවද ඔවුන් සඳහන් කළහ.

ඩොලර් ගිවීම ප‍්‍රමාද වීම මත වරායේ සිරවී ඇති අත්‍යවශ්‍ය ආහාර ද‍්‍රව්‍ය අඩංගු කන්ටේනර් නිදහස් කර ගැනීම සඳහා ඩොලර් මිලියන 50 මහ බැංකුව විසින් මුදාහැරීමට කටයුතු කලද තවදුරටත් එම ඩොලර් නිදහස් කර ගැනීම අසීරු තත්ත්වයකට පත්ව ඇත.

77,469 views

15 Comments to “ගෙවන්න ඩොලර් නෑ.. වරයේ ගුදම්වල කිරිපිටි තොග ආපසු යවයි..”

  1. Consumer says:

    සෞභාග්‍යයේ දැක්ම කියන්නේ මේක තමයි……

  2. Karunarathna says:

    පාරිබෝගික අදිකාරිය දක්ශ වැඩකාරයො ඉන්න ආමි එකට දීපු එකේ හොද ප්‍රතිපල තමා..
    පාරිබෝගික අදිකාරියේ නිවුන්හැල්ල, ඩේටාබේස් ආමි ඔපිසර් වගේ අය වැඩකාරයො වෙලා තියෙන්නෙ විනයට හැදිච්ච නිසා..

    • ළූණු බන්දුල (සුදු) says:

      ටයි කෝට් දාල ෆයිල් මිටි අතින් අරන් ගෝලයෝ පිරිවරාගෙන V8 රන්චුවකින් ගුදම් වලයි මෝල් වලයි තියෙන සේරෝම හාල් සීනි අත්අඩංගුවට ගත්ත ලොක්කන්ට මොනවත් කියනවා නෙවි.

      • Sky says:

        මහා බැංකු මගඩීයේ මහා හොරාගේ දේපල රජසන්තක කරලා අවශ්‍ය මුදල් සොයාගත්තොත් නරකද ?..යහපාලන සමයේ රටේ ධනය සොරාගත් යහපාලන මැති ඇමතිලාගේ වත්කම් රාජසන්තක කරනු ,,රටේ ණය සියල්ල විසදේ …බැසිල්ව මුදල් ඇමැතිකමින් ඉවත් කරනු ඔහු ජනතා ජන්දයෙන් පත්වූ පුද්ගලයෙක් නොවේ ..ඔහු ගැන විශ්වාසයක් තැබිය නොහැක ..ද්විත්ව පුරවැසියකුට අපේ රට ගැන වගකීමක් ආදරයක් නැත

  3. නව යොවුන් රාණි says:

    අගමැති තාම හිතන් ඉන්නේ එයා 2009 ජනාධිපති කාලේ වගේ කියන කියන එක කරන්න මිනිස්සු බැඳිලා ඉන්නවා කියල. එක පාරක් ඕඩ කරා කිරිපිටි සල්ලි නොදී එළියට දාන්න. ඒක බැරි නිසා බැංකු වලට නියෝග කරා ඩොලර් එළියට දාන්න කිරි පිටී නිදහස් කරන්න කියලා. දැන් එකත් හරියන්නේ නැහැ.
    හෙට නිද්දා යන්න තියාගෙන තාම බල පෙරේත කම අඩු නෑ.

    • John the baptice says:

      කුරහන් සාටකය මේ වසර 5ට හත්මුතු පරම්පරාවටම අවශ්‍ය ධනය රැස්කරන් යයි ..අපේ රටට තමයි කෙලවෙන්නේ …යහපාලනය කලෙත් ඒ දේමයි ..අපේ රටේ දේශපාලනය යනු රටේ ජාතික සම්පත් බදු දීම /විකිණීම සහ පාලකයින් ට අවශ්‍ය මුදල් රැස් කරගැනීමයි …අපේ රටේ සියලුම දේශපාලන පක්ෂ රටෙන් අතුගා දැමු දවසට රටේ දියුණුව සලසා ගත හැක ….පොලොන්නරුවේ හිටන්ගේ දැන් වත්කම් දෙස බලන්න එවිට තේරේවි දේශපාලකයින්ගේ ගසාකැම්

  4. Kalu Albot says:

    Dolar mokatada? Denna pahugiya dawas wala achchu gahapu Rupiyal. Dan Amerikaawe ganudenu karanneth Lankaawe achchu gahana Ruiyal!!!

  5. Jagath says:

    දැන් 69 ලක්ෂේට මොනව හිතෙනවා ඇත් ද??????
    පාරේ සමහර මිනිස්සු සර් ගේ දෙමවුපියෝ දෙන්නව සිහිකර කර යනවා.😄

    • Saradiel says:

      69 ලක්ෂයක් ජනතාව කුරහන් සාටකේට රැවටුනා …යහපාලන හොරුන්ගෙන් රට බේරා ගෙන දුන්නේ කාටද ?පවුල් පාලනයකට … ඔවුන් සැම එකම වල්ලේ පොල් ..පොහොට්ටුවේ සහ යහපාලනේ වෙනසක් නැහැ නේද ?

  6. ruwan says:

    Dan 69 laksheyate sapadha?

  7. Somapala says:

    Moota Chande dena evun ellum gas yawanta onay.

  8. saman says:

    සෞභාග්‍යයේ දැක්ම කියන්නේ මේක තමයි…

    • සුදුපරවියා says:

      තවත් රාජපක්ෂලාට ගැන ගයමින් සිංදු කියපල්ලා ..රජවරු කියමින් වැදපල්ලා ..මෙහෙම මෝඩයෝ සිටින විට දේශපාලුවෝ රට විනාශ කිරීම පුදුමයක්ද ? බටලන්දේ වදකයාත් දැන් පාර්ලිමේන්තුවේ ..ඔහුව ජනතාව ප්‍රතික්ෂේප කළා නේද ?ඔහුව පාර්ලිමේන්තුවට ගත්තේ මන්ද ? කුමක් සදහාද ? පාස්කු ප්‍රහාරයට සම්බන්ද අපරාධකාරයෝ නිදැල්ලේ ,මහා බැංකු මගඩියේ මහා හොරා අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු සැම නිදැල්ලේ …. හම්බන්තොට වරාය වසර 198,කොලබ වරයා නගරය 99 බදු දීලා ගත් මුදල් බහිරවයා ගිලලද ? පුදුමය අපේ රටේ බුද්ධිමත් ජනතාව නිහඩව සිටීමයි …MCC කළු තරුව පායා මුළු රටේම ඉඩම් ඇමරිකාව සතුවන දිනයත් වැඩි ඈතක නැහැ නාමල්ගේ ඩිජිටල්කරණය වීමත් සමග ඒවා සිදු වේවි ..අපේ රටට බේරාගන්නේ කවුද ? සිංහලයා තාම මර නින්දේ

    • හෙළයා says:

      මොළ 7 ක් ඇති මුදල් ඇමතිගේ ආශ්චර්ය ….රටට ම MCC කළු තරුව ඉක්මනින් පායයි ..මුළු රටම ඇමෙරිකානු කොළනියක් ,සහ චීන කොළනියක් වෙනු ඇත ..කාටද ආඩම්බරේ පොහොට්ටුවට නේද ?

  9. calista says:

    69 ලක්ෂෙ කතිරෙන් අද මුලු රටේම ඉන්න
    දෙකෝටි විසිලක්ෂයටම කෙලවල ඉවරයි
    අද මීහරක් පට්ටියක් බන්ඩි ගොයම් තියන වෙලකට පැනල වගේ මුන් කාගෙන කාගෙන
    ගියා ඉවරෙටම ඉවරයි සාටකේ සාපේ මුන්ව
    එලවා දමන්න රටේ උගතුන් බුද්දිමතුන් දැන්
    ඉදිරියට පැමිණිය යුතුයි