ගෙවුනු මාස 06 ට උතුරු මුහුදෙන් පමණක් රුපියල් කෝටි 30 කට අධික කේරල ගංජා අත්අඩංගුවට….

July 11, 2020 at 2:06 am | lanka C news
ගෙවුනු මාස 06 ට උතුරු මුහුදෙන් පමණක් රුපියල් කෝටි 30 කට අධික කේරල ගංජා අත්අඩංගුවට….

උතුරු මහුද ආශ්‍රිතව නාවික හමුදාව විසින් සිදු කරන ලද සෝදිසි කිරීම් වලදී මේ වසරේ (2020) ගෙවුනු මාස 06 තුලදී පමණක් රුපියල් කෝටි 30 කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇති බවට නාවික හමුදාව පවසයි.

එමෙන්ම අදාල කේරල ගංජා තොගයන් ප්‍රවාහනය කිරීම හා ලඟ තබා ගැනීමේ චෝදනාව මත උතුරු පලාතේ විවිධ සථානයන්හි පදිංචි සැකකරුවන් 142 දෙනෙකු උතුරු මුහුදේදී සහ ගොඩබිමේ ස්ථාන කිහිපයකදී මේ වන විට අත්අඩංගුවට පත්ව ඇත.

එමෙන්ම සියලුම කේරල ගංජා තොගයන් ඉන්දියාවේ සිට ජාවාරම් කරුවන් මුහුදු මාර්ගයෙන් උතුරු මුහුදට රැගෙනවිත් දිවයින පුරා භෙදා හැරීමට හා අලෙවි කිරීමට මෙරට ජාවාරම් කරුවන් හවුල් කරගන්නා බවටත් එවැනි ජාවාරම් සියල්ලක්ම වලක්වා ගැනීමට ගත හැකි උපරිම සෝදිසි කිරීම් උතුරු මුහුදම ආවරණය වන පරිදි සිදු කිරීමට නාවික හමුදා දිවා රාත්‍රී සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවටද නාවික හමුදාව පවසා සිටියි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

190 views

2 Comments to “ගෙවුනු මාස 06 ට උතුරු මුහුදෙන් පමණක් රුපියල් කෝටි 30 කට අධික කේරල ගංජා අත්අඩංගුවට….”

  1. Sambo says:

    We have heard of ministers who took weddings in five start hotels sponsored by drug king pings. Should not they be punished for these type of actions.

  2. neil says:

    Politiacian play the game. They know people will forget and hold n for some times.. then carry on the same corrupt things.

Main News