‘ගේ හදන්න සල්ලි ලැබුනු හැටි නොදනී’ කතාව බොරුවක්.. විමල්ගේ බිරිදට නඩු දාන්න බැරි බව නීතිපති කියයි..
January 25, 2017 at 7:06 am | lanka C news
දැනට රිමාන්ඞ් කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ බිරිද ශෂී වීරවංශ මහත්මියට එරෙහිව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් සිදු කරන ලද විමර්ෂණයකදී රුපියල් කෝටි තුනක මුදලක් උපයා ගැනීම සම්බන්දයෙන් හෙලි කිරීමට නොහැකි වූයේ යයි පලවන වාර්තා සම්පූර්ණයෙන් අසත්‍ය බව ඇය වෙනුවෙන් පෙනී සිටි නීතීඥයෝ පවසති.
මේ වන විටත් අදාල ප්‍රශ්න කිරීම් අවසන් කර නීතිපතිවරයා වෙත යවන ලද ලිපි ගොනුව නඩුවක් ගොනු කිරීම සදහා ප්‍රමාණවත් කරුණු නැති බව නීතිපතිවරයා විසින් නිර්දේශ කර ඇති බවද ඔවුන් කියා සිටිති.
විමල් වීරවංශ මහතා රිමාන්ඞ් කර ඇත්තේ ‘රජයේ වාහන අවභාවිතයට අනුබල දීම’ යන ඔප්පු කල නොහැකි මෙගා ඞීල් නොවන චෝදනාවකට නිසා මෙම තත්වය මගහරවා ගැනීම සදහා ඔහුගේ බිරිද සම්බන්ධ පුවත ආණ්ඩුව විසින් පතුරුවා හරින ලද පුවතක් පමණක් යයිද ඔවුහු වැඩි දුරටත් පෙන්වා දෙති.