ගොටාභය ජනාධිපති වූයේ මා නිසයි.. ඔහුව ඝාතන සැලසුමෙන් බේරාගත්තේ මමයි..- නාමල් කුමාර

September 15, 2020 at 3:22 am | lanka C news
ගොටාභය ජනාධිපති වූයේ මා නිසයි.. ඔහුව ඝාතන සැලසුමෙන් බේරාගත්තේ මමයි..- නාමල් කුමාර

වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට පසුගිය ආණ්ඩුව සමයේ තිබූ ඝාතන සැලැස්මෙන් බේරා ගත්තේ තමන් විසින් බව ආන්දෝලානාත්මක හඬ පට හෙළිදරව් කළ නාමල් කුමාර සඳහන් කරයි.

ඒ හෙලිදරවු කිරීම නිසා අද ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරට ජනාධිපති වී සිටින බවත් ඒ සම්බන්ධයෙන් තමා ඉතා සතුටට පත් වන බව ද ඔහු පැවසීය.

පසුගිය ආණ්ඩුව සමයේ රාජ්‍ය ආරක්ෂාව ඉතා පහළට ඇද වැටී තිබූ බවත් ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයක් තමන්ට පවා හෙළිදරව් වූයේ ඒ නිසා බවත් ඔහු සඳහන් කළේය.

නව ආණ්ඩුව යටතේ අද වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ක්‍රියාකලාපය ගැන සෑහීමකට පත් විය හැකි බවද ඔහු කියා සිටියේය.

කෙසේ වෙතත් මේ තරම් වටිනා වැදගත් හෙළිදරව් කිරීම් කළ තමන්ට මේ වන තෙක් ආරක්ෂාව ශ්‍රී ලංකාවේ නීතියේ අඩුපාඩු හේතුවෙන් නොලැබෙන බව ඔහු තව දුරටත් පැවසීය.

44,391 views

9 Comments to “ගොටාභය ජනාධිපති වූයේ මා නිසයි.. ඔහුව ඝාතන සැලසුමෙන් බේරාගත්තේ මමයි..- නාමල් කුමාර”

  1. සැලසුම් 3 ක්..! says:

    පසුගිය ආණ්ඩුව සමයේ තිබූ ගොටාභය ජනාධිපති ඝාතන සැලසුම් “3” ක්..!!!

    • Darshana abayakoon says:

      නැතුව බ්‍රො, ඔයානෙ සිරිසේනවයි රනිල්වයි කොටවල. ආන්ඩු පෙරලල රට අස්තාවර කරල, සහරාන්ල ගැන පරීක්ශන කරපු පොලිස් පරීක්ශක අතඩන්ගුවට අරන්, ආරක්ශක කෞන්සිලේ අවුල් කරල පාස්කු ප්‍රහාරය වෙන තැනට කටයුතු සිද්ද කරේ.

      • baiya says:

        hariyata hari. yahapalana naduwa bindaweema, sirisena ranil ketaweema, mahinda agamathi karaweema, pasku praharaya, gota janadhipathi weema ekama damwalak. ehi maha molakaru mohui. ada unp, slfp vinashaweema uneda mohu nisai.

  2. Araliya says:

    Me wage minisun ge katha promote karanna epa.

  3. saparamaadu says:

    Ow CID lokkawa Athulata daala akhinsakayan 300 kata gema dunneth Thmun kilayalama kiwwanam

  4. saman says:

    උබනම් මාර යකෙක්

  5. nihitha says:

    මූ තමා පාස්කු ප්‍රහාරෙට වගකිවයුත්තා
    මූගෙයි සිරිසේනගෙයි නාටක හින්දා තමා සහරාන් ගැන බලපු පොලිස් නිලදාරියට හිරේ යන්න උනේ

  6. මැදමුලනෙ මුත්තා says:

    මෙි කොළුවට මාර වැඩෙිනෙ උනේ. කාලයක් TV එකේ උදේ හවා හිටියා. ලොකු කතා කිවිවා. අපිත් රහ කර කර ඇහුවා. දැන් මුගේ පස්සෙ බලු කපුටෙක්වත් යන්නෑ. අවශ්‍ය වෙලාවට බොරැ පතුරැවන්න වැඩෙිගත්ත. විසිකළා එචිචරයි. ඉදිරියටවත් මෙිවගේ ගොංවැඩ නොකර හිටු.

  7. අනුර සේනානායක. says:

    රට වෙනුවෙන් කතා කරන වස්සා උඹ එක්ක දේශපාලන ඛල්ලො ඇති බව පෙනේ, මේ ගොං වස්සා නේද කියලා මිනිස්සුන්ට දැනෙන්න පසු කාලීනව ශ්‍රී ලංකාව තුල සිටින පුරවැසි අයගේ වාසනාව

Main News