ගොඨාභය අත්අඩංගුවට ගෙන ජාත්‍යන්තර අධිකරණයට ඉදිරිපත් කරන්නැයි විරොධතා…

August 14, 2022 at 1:20 pm | lanka C news
ගොඨාභය අත්අඩංගුවට ගෙන ජාත්‍යන්තර අධිකරණයට ඉදිරිපත් කරන්නැයි විරොධතා…

යුද සමයේදී අතුරුදහන් වූවන් සහ අතුරුදහන් කරවූවන් වෙනුවෙන් විසඳුම් ඉල්ලා අතුරුදහන් වූවන්ගේ ඥාතීන් විසින් උතුරේ ආරම්භ කරන ලද සත්‍යග්‍රහයන්ට දින 2000 පසුවුවද මෙතෙක් කිසිදු විසඳුමක් නොලැබී ඇති හෙයින් වහාම ජාත්‍යන්තර මැදිහත්වීමකින් විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලා අතුරුදහන් වූන්ගේ ඥාතීන් විසින් විරෝධථාවන් සංවිධානය කොට තිබුණි.

වව්නියාව තැපල් කාර්යාලය අසල පිහිටි අතුරුදහන්වූවන්ගේ සත්‍යග්‍රහ මණ්ඩපය ඉදිරිපිටත් කිලිනොච්චිය කන්දසාමි හින්දුකොවිල් ඉදිරිපිට පිහිටි මණ්ඩපය ඉදිරිපිට අතුරුදහන් වූළුන්ගේ ඥාතීන් විසින් ඊයේ (13) දින මෙම විරෝධථාවන් සංවිධානය කොට තිබුණි.

එහිදී යුද සමයේදී යුදඅපරාධ සිදුකිරීම සහ දෙමළ තරුණයින් අතුරුදහන් කරවීමේ යන චෝදනාවට ප්‍රධාන වරදකරුයැයි පවසමින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වහාම අත්අඩංගුවට ගෙන ජාත්‍යන්තර අධිකරණයට ඉදිරිපත් කොට නීතිය ක්‍රියාත්මක කරන ලෙසටද විරෝධතාකරුවන් පවසා සිටියිහ.

විරෝධතාවයේ නිරතව සිටි අතුරුදහන් වූවන්ගේ ඥාතීන් විසින් ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් විසඳුම් ඉල්ලා සිටියේ,

‘ගෝඨාභය රාපක්ෂ ඇතුලු අවසන් යුදසමයේදී සිටි දේශපාලන නායකයින් වහාම ජාත්‍යන්තර අධිකරණයකට ඉදිරිපත් කිරීම, උතුරේ දෙමළ ජනතාවගේ ඉඩම්වලින් යුදහමුදාව ඉවත්විය යුතුයි, සිරගතව සිටින දේශපාලන සිරකරුවන් වහාම නිදහස් කරයුතුයි. උතුරු නැගෙනහිරට පිළිගත් දේශපාලන විසඳුමක් ලබාදිය යුතුයි, උතුරු නැගෙනහිර වෙන්කල යුතුයි, අතුරුදහන් වූවන් වෙනුවෙන් විධිමත් පිළිගත හැකි විසඳුමක් ලබාදිය යුතුයි, ආදී ඉල්ලීම්ය.

විරෝධතාවය අවසානයේ අතුරුදහන් වූවන්ගේ ඥාතීන් විසින් තමන්ට විධිමත් විසඳුමක් ලැබෙනතුරු නැවතත් සුපුරුදු සත්‍යග්‍රහය ඉදිරියටත් පවත්වගෙන යන බව පවසමින් සත්‍යග්‍රහයට එක්වූහ.

– වන්නි රොමේෂ් මධුෂංඛ

34,603 views

33 Comments to “ගොඨාභය අත්අඩංගුවට ගෙන ජාත්‍යන්තර අධිකරණයට ඉදිරිපත් කරන්නැයි විරොධතා…”

  1. JR says:

    දැනට කොටි සංවිධාන වල තහනම ඉවත්ම කලා මදිද ඩා..? යුද්ධ කරපු සරත් පොන්සේකවත් ඕන්නං අල්ලා..ගනිල්ලාහ්…

  2. Minu says:

    @ modaya
    අනේ ගල් මූසලයෝ තෝ මොකටද අනුන්ගේ ගෑනුන්ගේ ලස්සන බලන්නේ. වැඩක් බලාගෙන හිටපිය🐩

Main News