ගොල්ෆේස් නත්තලට මං නෑ.. වත්තල රාජ්‍ය නත්තල් උත්සවයට ලක්‍ෂ 70ක්..

December 20, 2016 at 3:50 pm | lanka C news
ගොල්ෆේස් නත්තලට මං නෑ.. වත්තල රාජ්‍ය නත්තල් උත්සවයට ලක්‍ෂ 70ක්..

නත්තල වෙනුවෙන් ගාලූමුවදොර පවත්වන සැණකෙළියට තමන් විරුද්ද බවත් ඊට තමා සහභාගී නොවන බවත් ඇමති ජෝන් අමරතුංග මහතා පවසයි.

සැණකෙළි පවත්වා ගොල්ෆේස් පිටිය විනාශ කිරීමට තමන් අකමැති බවද ගිය රජයෙන් තණකොළ වවන්න උත්සාහ ගෙන එය අසාර්ථක වූ බවත් මෙම සැණකෙලිය නිසා තිබෙන තණකොල ටිකද නැති වී යනු ඇති බවද ඔහු කියා සිටියේය.

නත්තල පවත්වන්නේ ගෝල්ෆේස් පිටියේ හෝ කිනිවල්වල නොව දේවස්ථානවලධී බවද ඇමතිවරයා පවසයි.

මේ අතර මෙවර රාජය නත්තල් උත්සවය වත්තලදී පැවැත්වීමට සියළු කටයුතු සූදානම් කර ඇති අතර ඊට රුපියල් ලක්‍ෂ 75ක පමණක් වෙන් කර ඇත.

67 views
Main News