ගොල්ෆේස් වේදිකාවට ආණ්ඩුවෙන් දැඩි බාධා.. ලොකුම නත්තල්ගස් අටමගලට නොතිබූ නීති අලූතෙන් හදා ගෙනේ..
April 30, 2017 at 9:20 am | lanka C news
ඒකාබද්ද විපක්ෂය විසින් සිය මැයි රැළිය පැවැත්වීමට කටයුතු සූදානම් කරමින් ඇති ගාළු මුවදොර පිටියේ වේදිකාව ඉදිකිරීම ආදී කටයුතු සදහා ආන්ඩුවෙන් දැඩි බාධා ඒලල වෙමින් පවතින බව ඒකාබද්ද විපක්ෂය පවසයි.
තම රැළියේ වේදිකාව ඉදි කල යුතු ස්ථානයක් හදිසියේ නම් කරමින් 27 වන දින ලිපියක් එවා ඇති බවත් එය පිටිය වෙන් කරගත් දින හෝ ඒ ආසන්න දිනක නොතිබූ කොන්දේසි සහිත බවත් පාර්ලිමේන්තු මන්ත්රී ප්රසන්න රණතුංග චෝදනා කරයි.
පසුගිය නත්තල් දිනය දා ගාළු මුවදොර ඉදි කල ලෝකයේ ලොකුම නත්තල් ගස යයි කියූ අටමගල සදහා මේ කිසිදු කොන්දේසියක් නොතිබූ බවත් එදින බැකෝ, දොඹකර පවා යොදා ඒ කටයුතු සිදු කල බවත් ඔහු පෙන්වා දෙයි.
එමෙන්ම කැම්බල් පිටියේ එජාප වේදිකාව හෝ ගැටඹේ පිටියේ ශ්රීලනිප වේදිකාව හෝ ඔවුනට උවමනා පරිදි ඉදිකිරීමේදී කිසිදු බාදාවක් සිදු නොවන බවද වාර්තා වෙයි.
ජය!!
කොතරම් බාදක ආවත් නොසැලී ඉදිරියටම යන්න වැඩි වැඩියෙන් ශක්තිය ලැබේවා.