ගොවිජන සේවා කොමසාරිස්ට කොරෝනා… ඔහු ප‍්‍රධාන පෙලේ ඇමතිවරයෙක් හමුවෙලා.. නිලධාරීන් විශාල පිරිසක් හුදෙකලා කරති..

December 7, 2020 at 9:20 am | lanka C news
ගොවිජන සේවා කොමසාරිස්ට කොරෝනා… ඔහු ප‍්‍රධාන පෙලේ ඇමතිවරයෙක් හමුවෙලා.. නිලධාරීන් විශාල පිරිසක් හුදෙකලා කරති..

ගොවිජන සේවා කොමසාරිස් ජනරාල්වරයාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

මේ හේතුවෙන් ඔහුගේ ප්‍රධානත්වයෙන් හම්බන්තොටදී පැවැති වැඩමුළුවකට සහභාගි වූ නිලධාරීන් විශාල පිරිසක් නිරෝදායනයට යොමුකර තිබේ.

පසුගිය 28 වැනි දින කෘෂිකර්ම වැඩමුළුවක් හම්බන්තොට වීරකැටිය උඩයාල ගොවිජන සේවා මධ්‍යස්ථානයේ දී පැවැත් වී ඇත්තේ ගොවිජන සේවා කොමසාරිස් ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙනි.

එම වැඩමුළුවට සහභාගි වීමට අමතරව හම්බන්තොට දී ප්‍රධාන පෙළේ ඇමතිවරයෙකු හමුවීමට ද ඔහු සැලසුම් කර තිබිණි.

කොමසාරිස් ජනරාල්වරයාට රෝග ලක්ෂණ මතු වීමෙන් පසුව සිදුකරන ලද පරීක්ෂණයෙන් ආසාදිත බව හෙළි වී තිබේ.

22,281 views

2 Comments to “ගොවිජන සේවා කොමසාරිස්ට කොරෝනා… ඔහු ප‍්‍රධාන පෙලේ ඇමතිවරයෙක් හමුවෙලා.. නිලධාරීන් විශාල පිරිසක් හුදෙකලා කරති..”

  1. Samarakoon says:

    225 +1 hedila rata beraganna deviyane. Patan gatta da indalam. Ganwathura. Niyngaya kele haniya weli horu. Corona polowa hellenawa paligeneem. Eyala nidahas nidos wenawada sirakaruwo karanawa rahasin sathuro karanawa hatharawarm deviyan sakki sure pala karanne netha

  2. The Traditional Local Medicine system to be implemented ASAP. Western vaccine failed in the USA and 2900 deads per day……………..

Main News