ගොවිපලක ඇති කල වැලි මුවෙක් සහ මොණරෙක් වනජිවි නිලධාරින් භාරයට….

September 26, 2020 at 2:09 am | lanka C news
ගොවිපලක ඇති කල වැලි මුවෙක් සහ මොණරෙක් වනජිවි නිලධාරින් භාරයට….

හැටන් කොටගල ප්‍රදේශයේ පෞද්ගලික ගොවිපලක ඉතා රහසිගතව ඇති කරමින් සිටි වැලි මුවෙකු සහ මොණරෙකු (25) දින පස්වරුවේ තම භාරයට ගත් බව නල්ලතන්නිය වනජිවි කාර්යයාලයේ වන සත්ව අඩවි ආරක්ෂක ප්‍රභාෂ් කරුණාතිලක මහතා පැවසිය.

හැටන් කොටගල ප්‍රදේශයේ පෞද්ගලික ගොවිපලක වැලි මුවෙකු සහ මොණරෙකු ඇති කරන බවට නල්ලතන්නිය වනජිවි කාර්යයාලයේ නිලධාරින්ට ලද තොරතුරක් මත මෙම වැටලිම සිදු කර ඇත.

වනජිවි නිලධාරින් භාරයට ගත් වැලි මුවා අවු 4 ක් පමණ වයසැති වැඩෙමින් සිටි මුවෙකු බවත් , එම වන සතුන් සමග එම ගොවිපලේ භාරකරුද වනජිවි නිලධාරින් භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු (25) දින හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බවත් , තම භාරයට ගැණුනු වැලි මුවා සහ මොණරා හැටන් මහෙස්ත්‍රාත්වරයාගේ නියෝගයක් මත රණ්දෙණිගල පශු වෛද්‍යය රෝහල වෙත භාර දි පශු වෛද්‍යවරයාගේ උපදෙස් මත එම සතුන් දෙදෙන සුදුසු පරිසරයකට මුදා හරින බවයි නල්ලතන්නිය වනජිවි කාර්යයාලයේ ප්‍රභාෂ් කරුණාතිලක මහතා කියා සිටියේ.

– හැටන් රංජිත් රාජපක්ෂ

6,719 views

One Comment to “ගොවිපලක ඇති කල වැලි මුවෙක් සහ මොණරෙක් වනජිවි නිලධාරින් භාරයට….”

  1. Sajja says:

    මෙන්න මොණරු දැන් වැල්ලවත්තෙත් ඉන්නවා. ඇති කරන්න දෙයක් නෑ. කාක්කො වගේ ගෙවල් වලට එනව​.

Main News