ගොවිපලක වලදමා තිබූ මිනිස් ඇටසැකිලි ගොඩගනියි…

August 19, 2020 at 6:48 pm | lanka C news
ගොවිපලක වලදමා තිබූ මිනිස් ඇටසැකිලි ගොඩගනියි…

යාපනය පන්නෙයි කොට්ටඩි ප්‍රදේශයේ ගොවිපලකින් හමු වූ මිනිස් ඇටසැකිලි හමු වූ ස්ථානයේදී යාපනය මහෙස්ත්‍රාත් එ්.එස්.පීටර්පෝල් මහතා ඉදිරියේදී කැනීම් සිදු කල බවට යාපනය පොලිීසිය පවසයි.

පසුගිය 15 වනදා කොට්ටඩි මීනාච්චි අම්මාන් කෝවිල අසල පිහිටි ගොවිපලේ හිමිකරු විසින් ඉදිකිරීමක් සඳහා පොළව හාරමින් සිටියදී මිනිස් අස්ථා හා කාන්තා ඇඳම් තොගයක් හමු වී හිමිකරු විසින් ඒ බව පොලීසියට දැනුම් දෙන ලදි.

අනතුරුව ඊයේ දින යාපනය මහෙස්ත්‍රාත් වරයා ඉදිරියේදී සිදු කරන ලද කැනීම් වලදී තවත් පාදවල අස්ථි කිහිපයක් හා තත් කාන්තා ඇඳුම් තොගයක් හමු වී ඇති අතර මෙතෙක් හමු වූ අස්ථි කොටස් අනුව කාන්තාවගේ මළ සිරුරක අස්ථි බවට සැකකරන බවටත් කාන්තාවක් ඝාතනය කොට අදාල ස්ථානයේ ඇයගේ ඇඳුම් ඇතුලු උපකරණ සමග වලදැමුවේදැයි සැකයක් පවතින බවටද පරික්ෂණ සිදු කරන යාපනය පොලීසිය වැඩිදුරටත් පවසා සිටියේය.

හමු වූ අස්ථි කොටස් කාලනිර්නය ඇතුලු වැඩිදුර පරික්ෂණ කටයුතු සඳහා යාපනය අධිකරණ වෛද්‍යවරයාවෙතට යොමු කොට ඇති අතර අස්ථි කොටස් හමු වූ ස්ථානයේ වැඩිදුර කැනීම් සිදු කිරීමටද පියවර ගන්නා ලෙසට යාපනය මහෙස්ත්‍රාත් වරයා පොලීසියට නියෝග කොට ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

15,409 views

One Comment to “ගොවිපලක වලදමා තිබූ මිනිස් ඇටසැකිලි ගොඩගනියි…”

  1. john the baptice says:

    LTTE ත්‍රස්තවාදීන් විසින් ඝාතනය කල යාපනේ පදිංචි වී සිටිය සිංහලයන්ගේ විය හැකියි

Main News