ගොවියාට ඉහළ මිලක් : පාරිභෝගිකයාට සහන මිලක් ලැබෙන වෙළෙඳපොළක් නිර්මාණයට ජනපති අවධානය…

October 15, 2020 at 2:12 am | lanka C news
ගොවියාට ඉහළ මිලක් : පාරිභෝගිකයාට සහන මිලක් ලැබෙන වෙළෙඳපොළක් නිර්මාණයට ජනපති අවධානය…

ගොවියාට ඉහළ මිලක් සහ පාරිභෝගිකයාට සහන මිලක් ලැබෙන වෙළඳපොළ නිර්මාණය කිරීමේ අවශ්‍යතාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි.

දිවයිනේ සියලු ප්‍රදේශවල කෘෂි අස්වනු අතරමැදියන්ගේ සම්බන්ධයක් නැතිව අළෙවි කිරිමේ පහසුව ගොවීන්ටම ඝෘජුව හිමිවන පසුබිම සැකසීමෙන් එය ආරම්භ කළ හැකි බව ජනාධිපතිතුමා පෙන්වා දෙයි.

ජීවන වියදම් කමිටුව සමග ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිතුමා මේ බව පැවසීය.

අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ හිඟයකින් තොරව සියලු ප්‍රදේශ වෙත අඛණ්ඩව සැපයීමට ගත යුතු ක්‍රියාමාර්ග විධිමත් කිරීම කෙරෙහි ජනාධිපතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අවධානය යොමු විය.

වත්මන් ජීවන තත්ත්වය සහ කොවිඩ් 19 ආශ්‍රිත දුෂ්කරතා සැලකිල්ලට ගෙන පරිප්පු, ටින් මාළු, බී ළුණු සහ සීනි යන අත්‍යාවශ්‍ය භාණ්ඩවල ආනයනික බදු ජනාධිපතිතුමා විසින් ඊයේ ඉවත් කරනු ලැබීය.

පුරන්ව ඇති බවට ශ්‍රේණිගත කර තිබෙන කුඹුරුවල කඩිනමින් පොල් වගා කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය. හෙක්ටයාර් 50,000ක් අළුතින් පොල් වගා කිරීම රජය ආරම්භ කර ඇත.

එළවළු, පළතුරු, බිත්තර පාරිභෝගික අවශ්‍යතාව අනුව ප්‍රාදේශීයව සපුරා ගැනීමේ විධිමත් වැඩපිළිවෙළක් සැකසෙමින් පවතින බව ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසීල් රාජපක්ෂ මහතා පැවසීය.

පවුලක දෛනික පරිභෝජන අවශ්‍යතාව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් ගණනය කර තිබේ. අඩු ආදායම්ලාභීන් නගා සිටුවීමේ පියවරක් ලෙස නිවාස ආශ්‍රිතව එළවළු සහ පළතුරු වගා කිරීම සහ ගෘහස්ත කුකුලු පාලනයෙන් බිත්තර අවශ්‍යතාව සපුරා ගැනීමට සැලසුම් කර ඇති බව බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කළේය.

පසුගිය වසරට සාපේක්ෂව මෙවර යල සහ මහ කන්නයේ ඉහළ වී අස්වැන්නක් ලැබී ඇතැයි නිලධාරීහූ පෙන්වා දුන්හ. ඉදිරියේ දී වී අස්වනු මිලදී ගැනීමේ ක්‍රමවේදයක් සැකසීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා පැහැදිළි කළේය.

දුම්රිය දෙපාර්තමේන්තුව සමග ඒකාබද්ධව පළතුරු, එළවළු සහ පොහොර දුම්රියෙන් ප්‍රවාහනය කිරීමට විශේෂ වැඩසටහනක් සැලසුම් කර ඇතැයි ද සඳහන් කෙරිණ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා, බන්දුල ගුණවර්ධන, මහින්දානන්ද අළුත්ගමගේ, ඩග්ලස් දේවානන්ද යන අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරුන් වන ලසන්ත අලගියවන්න, අරුන්දික ප්‍රනාන්දු, ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසීල් රාජපක්ෂ, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර යන මහත්වරු, කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යාංශවල ලේකම්වරු ඇතුළු ජීවන වියදම් කමිටුවේ සාමාජිකයෝ සාකච්ඡාවට එක්ව සිටියහ.

– ජනාධිපති මාධ්‍ය අංශය

3,108 views

3 Comments to “ගොවියාට ඉහළ මිලක් : පාරිභෝගිකයාට සහන මිලක් ලැබෙන වෙළෙඳපොළක් නිර්මාණයට ජනපති අවධානය…”

  1. Silava says:

    Ok Hama Deshapaaluwekgema Parana thatiyak Sir …Mafia karayange Kuttiyata owwa okkoma yatai.

  2. Citizens of Lanka says:

    President an intention of given concession consumer is very good ,as even that fair Price for Framers corp also good.
    We have to learn market Economy is cannot be move by free operation it is quite impossible to meet demand of majority people’s requirements is very difficult task .. See new mode of distribution to change market demand.

  3. saman says:

    මේ දෙකම කරන්න පුලුවන් විදිහක් තියනවනම් මරු. බොරුවට කියව ලියව ඉන්නෙ නැතුව

Leave a Comment