ගොවියාත් පාරිභෝගිකයාත් සූරාකන එළවළු මාෆියාවට එරෙහි වැඩපිළිවෙල ඇර‍ඹෙයි…

December 23, 2020 at 2:30 am | lanka C news
ගොවියාත් පාරිභෝගිකයාත් සූරාකන එළවළු මාෆියාවට එරෙහි වැඩපිළිවෙල ඇර‍ඹෙයි…

එළවළු මාෆියාවට එරෙහිව කෘෂිකර්ම අමාත්‍යාංශය මඟින් ගොවිබිම්වල ගොවි ජනතාවගෙන් සෘජුවම මිලට ගත් එළවළු නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානය වෙත රැගෙන විත් අලෙවි කිරීමේ වැඩපිළිවෙල 22 උදෑසන ආරම්භ විය. කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ, රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇතුළු ඊට අදාළ රාජ්‍ය නිලධාරින් ද 22 උදෑසන නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයට පැමිණ පෞද්ගලිකව එම වැඩපිළිවෙල නිරීක්ෂණය කළේය. දිවයිනේ සියලු ප්‍රදේශවලට අයත් විවිධ වර්ගයේ එළවළු නව වැඩපිළිවෙල යටතේ කෘෂිකර්ම අමාත්‍යාංශය හරහා ක්‍රියාත්මක යාන්ත්‍රණයක් මඟින් ගොවියාගෙන් මිලට ගෙන ආර්ථික මධ්‍යස්ථානවල වෙළඳ ප්‍රජාවට අලෙවි කරන අතර, ප්‍රවාහන ගාස්තු පමණක් අය කරනු ලබයි. එම මිලට ගන්නා එළවළු සිල්ලර වෙළඳාමේදී කිලෝවකින් රුපියල් 20ක්, තොග කිලෝවකින් රුපියල් 10ක් ලෙස ලාභයක් පවත්වා ගනිමින් පාරිභෝගිකයාට අලෙවි කළ යුතු අතර, මිල ප්‍රදර්ශනය හා ප්‍රදර්ශනය කොට ඇති මිලට අලෙවි කිරිම අනිවාර්ය කොට ඇත. නව වැඩපිළිවෙල ක්‍රියාත්මක වූ අද දින දිවයින පුරා ආර්ථික මධ්‍යස්ථානවල ඊයේ දිනයේ එළවළු මිල ගණන් හා සන්සන්දනය කිරිමක් සිදු කළ අතර, ඒ අනුව සෑම එළවළු කිලෝවක්ම රුපියල් 40,50ක් අතර මිලකින් පහත හෙළීමට රජයේ නව වැඩපිලිවල සමත්ව ඇති බව සංඛ්‍යාලේඛන මඟින්ම සනාථ විය. මෙම සියලු එළවළු ප්ලාස්ටික් අසුරනයන්හි අසුරා රැගෙන එන අතර, 30%ක ප්‍රවාහනයේදී සිදුවන හානිය ඒ තුළින් නතරවන අතර, එහි ලාභය ද පාරිභෝගික ජනතාවට ලබාදීම නව වැඩපිළිවෙල තුළින් සිදු කෙරේ.

මෙහිදි අදහස් පළ කළ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා “ පසුගිය දවස්වල එළවළු මිල ඉහළ ගියා. ජනාධිපතිතුමා අප කැඳවලා කිව්වා මේ සඳහා මැදිහත් වෙන්න වැඩපිළිවෙලක් හදන්න කියලා. ගොවියාටත්, පාරිභෝගිකයාටත්, වෙළෙන්ඳාටත් නැති ලාභයක් අතරමැදියන් පිරිසක් ගන්නවා. ඒක නතර කිරීම තුලින් පුළුවන් සාධාරණ මිලක් එළවළුවලට වෙළඳපොල තුළ නිර්මානය කරන්න. අපි අතගැහුවේ ඒ වැඩපිළිවෙලට. මේ තුළින් රජයක් විදිහට ගොවියාත්, පාරිභෝගිකයාත් මේ ආර්ථික මධයස්ථානවල වෙළඳාම් කරන වෙළඳ ප්‍රජාවත් තුන්ගොල්ලන්ම අපි ආරක්ෂා කරනවා. අද ඊයේට වඩා හැම එළවළු කිලෝවකින්ම රැපියල් 40- 50ත් අතර ගාණක් අඩුයි. ප්‍රවාහනය සඳහා කිලෝවකින් රුපියල් 5ක් වැනි සුළු මුදලක් පමණයි කෘෂිකර්ම අමාත්‍යාංශය අය කරන්නේ. ඒ සියලු ලාභය අපි පාරිභෝගිකයාට දෙනවා. මේක නියමු වැඩසටහනක් ලෙස අද ආරම්භ කළේ. අපි එන සතියේ සියලු ආර්ථික මධ්‍යස්ථානවල මෙම නව වැඩපිළිවෙල පටන් ගන්නවා.”

මෙහිදී මාධ්‍ය වෙත අදහස් පළ කළ රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා “ නව වැඩපිළිවෙල පිළිබඳ අදහස් යෝජනා ගැටළු ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ අනුව අඩුපාඩු හදා ගන්න පුළුවන්. අපට ඕන වුනේ මේ මාෆියාවට එරෙහිව රජයක් ලෙස වැඩ කරන්න පුළුවන්. කියන එක පෙන්වීම. අපි මේ එළවළු ගේන්නේ ඇසුරුම්වල. ප්‍රවාහනයේදි සිදුවන හානිය අපට ඒ තුළින් නතර කරන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ තුල වු ලාභයත් වෙළෙන්ඳාට වගේම පාරිභෝගිකයාට හිමි වෙනවා. දවසක් හැර දවසක් ආකාරයෙන් උඩරට, වන්නි එළවළු කෘෂිකර්ම අමාත්‍යාංශය හරහා කොළඹට අපි ගේනවා.අපිට පුඵවන් මේ මාෆියාවට තිත තියන්න.”

රජය මැදිහත්ව ගෙන යන නව වැඩපිළිවෙල අගය කරන බවයි නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳ ප්‍රජාව ප්‍රකාශ කලේ. එසේම ඒ සඳහා සියලු සහාය ලබා දෙමින් පාරිභෝගිකයාට සාධාරණයක් කරමින් අඩු මිලට වැඩි එළවළු ප්‍රමාණයක් අලෙවි කරමින් සැමට සාධාරණ ලෙස රජයේ වැඩපිළිවෙලට පූර්ණ සහාය ලබාදෙන බවද ඔවුන් අවධාරණය කළා. දිස්ත්‍රික් ලේකම්වරුන් ඒ යටතේ සේවය කරන රජයේ නිලධාරින් සහ ගොවි සංගම් සම්බන්ධීකරණයෙන් ක්‍රියාත්මක යාන්ත්‍රණයක් ඔස්සේ එම වැඩපිලිවෙල ක්‍රියාත්මකයි.කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න,වී හා ධාන්‍ය,කාබනික ආහාර, එළවළු,පලතුරු, මිරිස්, ලූනු හා අර්තාපල් වගා ප්‍රවර්ධන, බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණික කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනිල් විජේසිංහ ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳ ප්‍රජාව ද මෙම සමාරම්භක අවස්ථාවට එක්ව සිටියා.

සුජිත් විතානපතිරණ
මාධ්‍ය ලේකම්

22,068 views

18 Comments to “ගොවියාත් පාරිභෝගිකයාත් සූරාකන එළවළු මාෆියාවට එරෙහි වැඩපිළිවෙල ඇර‍ඹෙයි…”

  1. karuna says:

    Rajaye mudal nasthi kireemak weida me weden.paribigika nagara wala sudusu sthana wen karadee kemathi gowiyanta kelinma gena gos paribogikayinta wikineemata ida laba dunnoth mila pahatha wetei.

  2. Sudelmi says:

    This is a great concept, hope it will continue.

    • sam says:

      This is a great initiate. but must maintain without loss-making. Later they will ask for some money from the treasury to conduct the project. It is very easy to cheat in this kind of government system due to the corrupted politicians. Wish this initiative will work properly.

    • sumith says:

      This concept may be a one of best method to uplift the living condition of the poor people. country need new concept to uplift the poor peoples life.
      good work

  3. vis8 says:

    Well done!!!!! The toiya losers are silent. Ha haaaaaaaaaa.

    • Piyal says:

      History has proved that government mechanism can’t compete with private sector in open economy. This will run maximum two months. Then tax payers money shall continue funding this.

      Selling peanut or running airline. Govenment is fail.

  4. දිලිත් says:

    කලින් හාල් මාෆියාව, පොල් මාෆියාව නැති කරපු සර්ට ඕක කජ්ජක්ද

  5. neil says:

    Good Inntiative. Need to sustain and support for continuity.

    Please give more to the FAMER that before when he sold to middleman. Pass the benifits to Consumer as well as to Creator (FARMER)

  6. සමන් says:

    කාලෙකින් අහපු හොදම ආරංචියක්. මෙහෙම තමා රජය කරන්න ඕන. මිනිසුන්ට එලවලු ගන්න බැරි තත්වයක් තිබුනෙ. මේක බොහොම අනර්ඝ වැඩක්.

  7. ක්‍රිමිනල් says:

    අනේ උබලගේ පම්පෝරී පාණ්ඩුව ! කෛය විතරයි .අර සේනා දළබුවා ගොවිතැන් ආක්‍රමනය කරලා එ ගොවියො වැලපෙනවා ,අඩනවා , අන්න එවට පැහැදිලි විසදුමක් දිපියව් බොරු පම්පෝරී නොගහ. උබලා මිල පාලනය කරනවා අපි පැහැදිලිව දැක්කා ,සිනී ඇටයෙන් ,පොල් තෙල් ටිකෙන් ගසාගෙන කන ගොබ්බයො , දැම් පොලුත් හෙට අනිද්දට පිටරටින් ගේන්න තීරණය කරලා.බෛයන්ගේ මෝඩ පාණ්ඩුව ,දැන් ශැපද ?😂

    • පොල් says:

      ගොන්තකයෝ පොල් ගස් කප කපා ඉඩම් කට්ටි කරලා විකුනන කැ..ඇල්ලයා වගේ හිපාටුවො ඉන්න රටේ පොල් හිඟ වෙනකොට තොගෙ වල්ලෙන් පොල් කඩලා දෙන්නද බොල කියන්නෙ

      • ක්‍රිමිනල් says:

        ආහ් ! මං හිතුවා ගොං බෛයෙක් උම්බෑ කියයි කියලා , හාල් වගේම තමයි පොල් වලත් තියෙන්නේ මාෆීයවක් ,මේ පාණ්ඩුවට ගැසට් ගහනවා මිසක් වෙන දෙයක් කරන්න දන්නෑ. ඔන්න අහගනිං.
        2019 වර්ෂයේ ශ්‍රී ලංකා මහ බැංකු වාර්ෂික වාර්තවෙන් දත්ත දෙආ දෙස 2019 වර්ෂයේදී ලංකාවේ පොල් ගෙඩි මිලියන 3086ක් නිෂ්පාදනය කර ඇති අතර හෙක්ටයාර් 500300ක පොල් වගාව කරලා තියෙනවා ,පවුලක සාමාන්‍ය මාසික පොල් අවශ්‍යතාව ගෙඩි 27 ලංකාවේ පවුල් ගණනින් වැඩි කර සාමාන්‍ය අගය ලබා ගන්නේ නම් (පවුල් ලක්ෂ 50ක් ලෙස ආසන්නව සලකා) ලංකාවේ පවුල් ඒකක 50 ලක්ෂය සදහා මාසිකව වන්නේ පොල් ගෙඩි 135,000,000ක්. එය මිලියන ගණනින් සලකා බැලුවහොත් මිලියන 135ක් වන අතර වාර්ෂිකව අවශ්‍ය වන්නේ පොල් ගෙඩි මිලියන 1620කි. මේ දත්ත සත්‍ය නම් ලංකාවේ 2019 වසරේ ගෘහ පාරිභෝජනයට ලබාගත් පොල් ගෙඩි මිලියන 1620 ඉක්මවා ගිය පොල් ගෙඩි මිලියන 1466ක අතිරිත්තයක් රට තුළ තිබිය යුතුය.

        ඇයි මේ පොල් හිගය ?2019 දී පොල්තෙල් මෙට්‍රික් ටොන් 44,648ක් නිෂ්පාදනය කර ඇති අතර එය 2018ට වඩා 309.2%ක වර්ධනයකි.මේ තත්ත්වය තුළ ලංකාවේ කාන්තාවන්ට එලොව පොල් පෙනුණ ද 2020 වසරේ ජනවාරි – අගෝස්තු කාලය තුළ පමණක් ලංකාව පොල් අපනයනය මගින් එක්සත් ජනපද ඩොලර් මිලියන 222ක් උපයාගෙන සමස්ත අපනය සංයුතිය තුළ 3.4%කට හිමිකම් කීමට ද සමත්ව තිබේ
        ඉතින් බුරුවෝ රටේ පොල් ටික පිටරට පටොලා ,අනිත් පැත්තට පිටරටින් පෝල් ගේන එක පට්ට විහිළුවක් නේද බන් ? 😏

        • Hoo !!! says:

          ටොයියන්ගෙ බත්බැලයොන්ට කාලා ඉන්න බෑ රටට හොඳක් වෙන බව දැනුනම.

    • onlooker says:

      Hey, you are a real headache to everyone, just take a break from this 3rd class job. Don’t let us remind how efficient was so-called yahapala;;;;

  8. ජනජය says:

    අස්වනු කපන කාලයට කිලෝවක් රු.20කට විකුණගන්න බැරි එළවළු ඊට පොඩ්ඩක් ඈතින් ගන්නකොට කිලෝව රු.200. එහෙම ගාණකට ගත්තත් කමක් නෑ ලාභය ගොවියට ලැබෙනවනම්..මේක එහෙම නෙවි …කොහේවත් නැති එකෙක් අසීමිත ලාභයක් ලබනව..ගොවියයි පාරිභෝගිකයයි හැමදාම දුකේ…හාල් වල කතන්දරෙත් ඕකයි…

  9. Gini says:

    This could be a new method of filling the pocket of the mp?

  10. Dharmadaasa says:

    Elawaluth Ganangihilla nawatina potak …Sathiyak 100 ta salmon kaawaa mayhakai.

Main News