ගොවියෙකුට වලස් ප්‍රහාරයක්… මිතුරු ගොවියා බේරා රෝහල්ගත කරයි…
January 26, 2021 at 5:30 pm | lanka C news
මුලතිව් පුදුකුඩිඉරිප්පු පොලිස් වසමේ මණ්නංකණ්ඩාල් ප්‍රදේශයේදී ඊයේ (25) සවස ගොවියෙකුට වලසෙකු විසින් පහරදීම හේතුවෙන් තුවාල ලබා රෝහල්ගත කොට ඇති බවට පුදුකුඩිඉරිප්පු පොලීසිය පවසයි.
මණ්නංකණ්ඩාල් ප්‍රදේශයේ පිහිටි කුඹූරක් වෙතට ගොවින් දෙදෙනෙකු ගමන් කරමින් සිටියදී එකවරම කැලෑවේ සිට කඩා වැදුනු වලසෙකු විසින් එක් ගොවියෙකුට පහරදීම සිදු කර ඇත.
එම ගොවියාට වලසා විසින් පහර දෙන අවස්ථාවේදී අනෙක් මිතුරු ගොවියා විසින් වලසාට පහරදී තම මිතුරු ගොවියා බේරාගෙන ඇති අතර එහිදී වලසා විසින් ගොවියෙකුගේ අතක් සහ කකුලක් සපාකෑමෙන් තුවාල ලැබීමෙන් පසු මිතුරු ගොවියා විසින් පුදුකුඩිඉරිප්පු රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මුලතිව් මහරෝහලට ඇතුලත් කරනු ලැබීය.
එහිදී වලසාගේ පහරදීමෙන් ගොවියාගේ එක් අතක ඇඟිල්ලක්ද කැඩී ගොස් ඇති අතර ගොවියාගේ තත්වය බරපතල නොවන බවට මුලතිව් රෝහලේ වෛද්‍යවරුන් පවසා ඇත.
ගොවියාට වලස් ප්‍රහාරය එල්ල වීම හේතුවෙන් මණ්නංකණ්ඩාල් ප්‍රදේශයේ ගොවීන් කුඹුරු වෙතට යාමට බියක් දැක්වීම හේතුවෙන් ඒ පිළිබඳව මුලතිව් වනජීවි කාර් යාලයට දැනුම් දී පරික්ෂණයක් අරඹා ඇති බවටද පොලීසිය වැඩි දුරටත් පැවසීය.
– වන්නි රොමේෂ් මධුෂංඛ
වලස්සු තාම ලංකාවේ ඉන්නවද?
අලි මදිවට වලස්සු කිව්වලු.
එන්ඩ බලන්න කුණු ජෙප්පොයි පරගැති ටොයියොයි ටික..තාලෙට කියන්ඩ.. ස ෆේල් .. ස ෆේල්
අපේ ස ජාතික සම්පත් කියල කෙනෙක්ව විකුනනනවලු.
ගොන් බයියෝ දෙන්නෙක් ගියානම් එකෙක් ගහට නගිනව. අනිකා බුදියා ගන්නව
🤣🤣🤣🤣🤣
අපි උඹළට ඇරපු ඇරිල්ලට තාම රිදෙනවා නේහ්… සොරි බං ගනං ගන්ට එපා. අර උඹළගේ ස ෆෙල් සින්දුව කියලා කුල් එකේ හිටපං. ආපහුඋඹලට අරින්ට අවිරැදු 10ක් විතර යයි මචං
මහින්දයි ගෝටාභයයි ගියානම් වලහාව විකුනන්නෙ ඉන්දියාවටද චීනෙටද කියල රන්ඩු වෙයි.
මේකෙ හැටියට වලහා ගොවියාට පහරදීලා නෙමෙයි ගොවියා වලහට පහරදීලා . FCID ගියානං කියන්නේ එහෙමයි .
හොඳ වෙලාවට අනික් ගොවියා අතේ ෆෝන් එකක් තියෙන්න නැත්තේ. තිබුණා නම් සෙල්ෆි ගහලා වීඩියෝ කරලා මළ කෙළියක් කරයි