ගොවියෙකු පසුපස වල් අලියෙකු පන්නයි.. ගොවියා යතුරුපැදිය දමා දිවිබේරා ගනී.. කිපුනු අලියා යතුරු පැදියට පහරදෙයි..
November 9, 2018 at 2:02 am | lanka C news
වව්නියාව ඕමන්ත ප්රදේශයේදී (08) අළුයම් කාලයේදී කුඹුරට ගිය ගොවියෙකුට වල් අලියෙකු විසින් පහරදීමට උත්සහ දරා ඇති අතර ගොවියා යතුරුපැදිය දමා දිවි බේරාගෙන ඇති බවට ඉලමරදන්කුලම් ගම්වාසීන් කියා සිටියහ.
ඕමන්ත ඉලමරදන් කුලම් ප්රදේශයේ පදිංචි ගොවියෙකු විසින් (08) අළුයම 2ට පමණ සිය කුඹුර වෙතට යතුරුපැදියෙන් යමින් සිටියදී එක් වරම වල්අලියෙකු ඈතින් තමන් පසු පස ලුහුබැඳ එනු දුටු ගොවියා යතුරු පැදිය දමා අසල් වූ කැලයට දිව ගොස් දිවි බේරාගෙන ඇත.
යතුරුපැදියේ ආලෝකය පිටුපස පන්නා ආ වල් අලියා ගොවියා විසින් දමා ගොස් තිබූ යතුරුපැදියට පාගා පහරදීමෙන් යතුරුපැදියට හානි සිදුව ඇති බවට ගම්වාසීන් කියා සිටියහ.
– වන්නි රොමේෂ් මධුෂංඛ