ගොවි ජනපදවල ගොවියෝ රසායනික පොහොර ඉල්ලද්දී බස්නාහිර ගොවියෝ කාබනික පොහොරෙන් ගොවිතැන දිනති…

January 10, 2022 at 12:40 pm | lanka C news
ගොවි ජනපදවල ගොවියෝ රසායනික පොහොර ඉල්ලද්දී බස්නාහිර ගොවියෝ කාබනික පොහොරෙන් ගොවිතැන දිනති…

මහ කන්නයේ වී ගොවිතැන අසාර්ථක බවට ගොවි ජනපදවල ගොවීහු මැසිවිලි නඟද්දී කාබනික පොහොර භාවිතයෙන් සිය කුඹුරු ගොවිතැන සාර්ථක කර ගත් බස්නාහිර පළාතේ ගොවියන් පිරිසක් අස්වැන්න නෙලීමට සූදානමින් සිටින අයුරු කෘෂිකර්ම අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකයේ නිරීක්ෂණයට ලක්විය.

ඔවුන් පවසන්නේ නියමිත කාලයට කුඹුරු ගොවිතැන් ආරම්භ කර කෘෂිකර්ම නිලධාරීන්ගේ උපදෙස් අනුව රජයෙන් ලබාදෙන කාබනික පොහොර යොදාගෙන සිය වී වගාව සාර්ථක කර ගත් බවය. ගොවීන්ට නිසි උපදෙස් හා පොහොර නිසි වේලාවට ලබා දුන්නේ නම් මීටත් වඩා අස්වැන්න සරු කර ගත හැකිව තිබූ බවද ඔවුහු සඳහන් කරති.

මීරිගම ගොවිජන බල ප්‍රදේශයේ බොකලේගම ඉහළ කොට්ඨාසයේ ධනපාල ගොවි මහතා අප සමඟ සංවාදයකට එක් වෙමින් සඳහන් කළේ ඔහුගේ ජිවිත කාලයටම සිය කුඹුරෙන් ඉහළම අස්වැන්න ලබා ගැනීමට හැකිව ඇත්තේ මෙවර කාබනික පොහොර යොදා සිදු කළ වගාවෙන් බවය. මීට පෙර කන්න දෙක තුනක් කාබනික පොහොර හා රසායනික පොහොර මිශ්‍රණයක් යෙදුවත් මෙවර කාබනික පොහොර පමණක් යොදාගෙන වගා කළ බවද පෙරට වඩා මෙවර අස්වැන්න සරු බවද ඔහු කීවේය.

පල්ලේගම බොකලවෙල ඉහළ කොට්ඨාසයේ කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර රේණුකා අබේසිංහ මහත්මිය අප සමඟ ප්‍රකාශ කළේ තම ප්‍රදේශයේ ගොවි මහතුන් කාබනික වගාවට යොමුව සාර්ථක ප්‍රතිඵල ලබා ගෙන ඇති බවය. වසර දෙකක් තිස්සේ කාබනික වගාව පිළිබඳ උනන්දුවක් දක්වා ඇති ගොවියන් රජයේ කාබනික වගා ප්‍රතිපත්තියත් සමඟ ඊට යොමුව ඇති බවත් එයින් සාර්ථක ප්‍රතිඵල ලබාගෙන ඇති බවත් ඇය සඳහන් කළාය.

අපට හමු වු පල්ලේගම බොකලවෙල ගනේගොඩ මඩ වෙල්යායේ නන්දන ප්‍රේමසිරි ගොවි මහතා සදහන් කළේ මෙවන් අදහසකි. “මම පල්ලේගම දේවාලයේ ප්‍රධාන කපු මහත්තයා. ඒ නිසා මම බොරු කියන්නෙ නැ. මෙවර අපේ කුඹුරු සරුවට වැඩී හොඳ අස්වැන්නක් ගන්න පුළුවන්කම ලැබී ඇත්තේ කාබනික වගාවෙන්. මේ යායම වගා කරල තියෙන්නෙ කාබනික පොහොර යොදාගෙන” බවද ඔහු කිවේය.

ජයසූරිය උඩුකුඹුර
මාධ්‍ය ලේකම්

61,346 views

36 Comments to “ගොවි ජනපදවල ගොවියෝ රසායනික පොහොර ඉල්ලද්දී බස්නාහිර ගොවියෝ කාබනික පොහොරෙන් ගොවිතැන දිනති…”

  1. ගමේ බණඩා says:

    මේ මීඩියා ලේකම් නාඩගම් කාරයෝ එකේ ලේකමා වගේ ඩයල් එකක් ද කොහේද 😁

  2. Town man says:

    මම ඊයේ හයිවේ ඇවිත් කඩවත ඉන්ටර්සිටි එක්සිට් එකෙන් එක්සිට් වෙලා නුවර පාරෙ කි.මී 2 ක් විතර ගිහින් අතුරු පාරක ගියා. එහේ කුඹුරු යායන් ඉතා හොඳින් හැදී තිබුනා. අපට TV එකේ පෙන්වන වැහැරුනු ඒවා වගේ නොවේ.

  3. Aberdeen says:

    Now you can imagine if not for the defence secretary during the war , we are still at war with LTTE.
    You should see here in scotland at negative Celsius temperatures people are working in fields, children going to school wearing a jacket and a hoody ,wet ,cold and windy.still they conquered the world and became
    a developed country.

  4. sam says:

    මුගෙ රෙද්ද අස්සෙ වෙන්ඩ ඇති වවල තියෙන්නෙ. මේ fail ලට කඩේ යන නිකමෙක්.

Main News