ගොවි ණය කපා හැරීම, පොහොර නොමිළේ දීම විශේෂයෙන්ම උතුර, නැගෙනහිර ජනතාව වෙනුවෙන්..- ගෝටාභය කියයි..

October 29, 2019 at 4:40 pm | lanka C news
ගොවි ණය කපා හැරීම, පොහොර නොමිළේ දීම විශේෂයෙන්ම උතුර, නැගෙනහිර ජනතාව වෙනුවෙන්..- ගෝටාභය කියයි..

යුද්දෙන් පසුව ලෝකයේ හොඳම පුනරුත්තාපන වැඩසටහන තම රජය යටතේ සිදු කල බවටත් රැකියාවක් නොමැති දුප්පත් සෑම පවුලක් වෙනුවෙන්ම රජයේ රැකියාවක් ලබා දීමටත් ගොවි ණය කපා හැරීම හා පොහොර නොමිළේ ලබා දීමට කටයුතු සිදුකරන්නේ විශේෂයෙන් උතුරු නැගෙනහිර ජනතාව වෙනුවෙන් බවට ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසුවේය.

මෙවර ජනාධිපතිවරනය වෙනුවෙන් ජනාධිපති අපේකෂක ඝෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ ජනරැලි (28) උතුරු පලාතේ සංවිධානය කොට තිබු අතර ඉන් එක් රැලියක් වව්නියව චිල්රන් පාර්ක් ක්‍රීඩාංගනයේදී පැවති අවස්ථාවේදී ගෝඨාභය රාජපක්ෂ මහතා මේ පැවසුවේය.

එාහදී වැඩි දුරටත් අදහස් දැක්වූ ගොඨාභය රාජපක්ෂ මහතා කියා සිටියේ ,

‘මේ වෙනකොට අපි මේ රටේ සියලු ජනතාවගේ අනාගතය වෙනුවෙන් පැහැදිලි ප්‍රතිපත්ති ප්‍රකාශයක් ඉදිරිපත් කරලා තියනවා මේ රටේ වැඩිම ජනතාවක් ජීවත් වෙන්නේ ග්‍රාමීයව ඒ වගේම වැඩි ජනතාවක් ජීවත් වෙන්නේ කෘෂිකර්මාන්තය හරහා අද මෙතන  වර්ෂාව නොතකා රැස්වෙලා ඉන්නෙත් කෘෂිකර්මාන්තයේ නියලුනු අය අපි අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පැහැදිලිව කෘෂිකර්මාන්තය ඉහලට ගන්නට ගොවියා නගා සිටුවන්නට පැහැදිලි වැඩසටහනක් ඉදිරිපත් කරල තියනවා අපි ප්‍රතිපත්ති ප්‍රකාශනයෙත් බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන්ම මේ දුප්පත් කමින් පෙලෙන ජනතාව නගා සිටුවීමටයි විශේෂයෙන්ම මේ පලාත්වල ජනතාවට බලපානවා මේ ජනතාව ඉහලට ගන්නට අපි ප්‍රතිපත්ති මාලාවක් ඉදිරිපත් කරල තියනවා ඒ නිසාමයි අපි පොහොර නොමිළේ ලබා දෙන්න තීරණය කලේ ඒ වගේම ගොවි ජනතාවගේ ගොවි ණය කපා හරින්නට අපි තීරණය කරල තියනවා .

මේ ප්‍රදේශවල ජල ගැටලුවක් තියනවා අපි මේ ප්‍රදේශවල වාරිමාර්ග ප්‍රතිසංස්කරණය කරන්න අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පෙන්වා දී තිබෙනවා පසුගිය රජය කෘෂිකර්මාන්තය වෙනුවෙන් කිසිම ප්‍රමුඛත්වයක් දුන්නේ නැහැ නමුත් අපි ඒ දේ දෙනවා අද ලෝකයේ අඩු වියදමකින් වැඩි ආදායම් ලබන්නට හැකි මාර්ග ඔනෑ තරම් තියනවා  අපි රජයක් හැටියට මේ තාක්ෂණය ඔබලාට ලබා දෙන්න පියවර ගන්නවා.

ඒ වගේම මේ පලාත්හි දුප්පත් පවුල් වෙතට ආදායමක් නැති පවුල් සිටිනවා අපි එවැනි පවුල් වෙතට විශේෂයක් සේ සලකා එක් පවුලකට එක රජයේ රැකියාවක් හෝ ලබා දෙන්නට වැඩසටහනක් තියනවා ඒ වගේම අපි ඔබලාට සාමයෙන් ජීවත් ජීවත් වෙන්න අවස්ථාව ලබා දුන්නු අය සාමය නැති තරපු අය නෙමෙයි අපි අපි සාමය ඇති කරපු අය.

මේ පලාත්හි ජීවත් වෙන දෙමළ ජනතාවටත් මම යමක් කියන්න කැමතියි ඔබලාට යම් කිසි අය විසින් අතීතයේම ජීවත් කරවන්න උත්සහ කරනවා නමුත් මම ඔබලාට අනාගතය පෙන්නන්න ලෑස්තියි ඒ වෙනුවෙන් වැඩපිළිවලක් තියනවා රැකියාවක් අධ්‍යාපනයක් වෙනුවෙන් වැඩ පිළිවලක් අපි ඉදිරිපත් කරලා තියනවා.

කිසිම රජයකට බැරිවුනු සංවර්ධනය අපේ රජයන් යටතේ අපි සංවර්ධනය කරා ඒ සංවර්ධනය දිගට පවත්වාගෙන යන්න මේ රජයට බැරිවුනා ඉදිරියේදී හෝ සංවර්ධනය සිදු කර යාමට අපිට බලය ලබා දෙන්න කියා මා ඉල්ලා සිටිනවා ඒ වගේම මේ පලාත්වල අධ්‍යාපනයෙන් අඩු තරුණ තරුණියන් රැකියා නොමැතිව අසහනයෙන් සිටිනවා නමුත් ඒ අයට නිපුනත්වයක් තියනවා ඒ නිසා අපි ඒ අය වෙනුවෙනුත් විශාල ආයෝජනයක් කරන්න පියවර අරන් තියෙන්නේ.

උසස්පෙලින් විශ්වවිද්‍යාල වරම් ලබාගන්නා සියලු සිසු දරුවන් වෙනුවෙන් විශ්වවිද්‍යාල ධාරිතාවන් වැඩිකරනවා අලුත් විශ්වවිද්‍යාල අරම්භ විද්‍යාල ආරම්භ කරනවා විශේෂයෙන්ම තාක්ෂණික විද්‍යාල කාර්මික විද්‍යාල ආරම්භ කරනවා අද ලෝකයේ වෙනත් නිපුනත්වයන් තියන ඔනෑම අයෙකුට රැකියා ඕනෑ තරම් තියනවා ඒ වෙනුවෙන් මා විශ්වාශ කරන්නැයි ඉල්ලා සිටිනවා.

ඔබෙත් මගෙත් රට ශ්‍රීලංකාව ඔබ හැම කෙනෙක්ම ශ්‍රීලාංකිකයෙක් විදහට හිතන්න සාමාකාමි රටක් වශයෙන් ඔබට ජීවත් වීමට අවස්ථාව උදා කරනවා අපි ගැන බොර ප්‍රචාර දෙමළ හා මුස්ලිම් ජනතාව අතර ඇතම් අය ප්‍රචාරය කරනවා ඒ නිසාම මහින්ද රාජපක්ෂ රජය පසුගිය වාරයේ පරාජය වුනා ඒ නිසා ඔබ ඒ බොරු ප්‍රචාරයන්ට රැවටෙන්න එපා අපිට එදා කල සංවර්ධනයම ඉදිරියටත් කරන්න පුලුවන් සංවර්ධනය හරහා තමයි අධ්‍යාපනය , පශ්ණ, ජීවිතය, රැකියා යන සියල්ලක්ම විසඳෙන්නේ ඒ නිසා මා ඇතුලු අපගේ සියලු දෙනා වෙනුවෙන් විශවාශය තබන්න කියන ඉල්ලීමයි මට අවසන් වතාවටත් ඉල්ලා සිටින්න තියෙන්නේ, යනුවෙනි

– වන්නි රොමේෂ් මධුෂංඛ

56 views

8 Comments to “ගොවි ණය කපා හැරීම, පොහොර නොමිළේ දීම විශේෂයෙන්ම උතුර, නැගෙනහිර ජනතාව වෙනුවෙන්..- ගෝටාභය කියයි..”

  1. නිරීක්ෂකයා says:

    අනුහස් සහිත ජනමූල නායකයා ඇවිත් ඉන්නේ සිංහයෙක් මෙන් ජාතියට නායකත්වය දෙන්න හදනවා. සිංහලයිනි! නුඹලා සූදානම්ද?

  2. ගෝටයි සජියයි says:

    ගෝටයි සජියයි රටටම හෙන ආතල් දෙනවා. මේ දෙන්නගේ පොරොන්දු අහනකොට මතක් වෙන්නේ රජ කෙනෙක්ගේ අණ බෙරයක් නවත්වපු බෝක්කුවක් උඩට වෙලා ගංජා ඇද ඇද උන්න පොරවල් දෙක.ලෝකේ තියෙන බොහෝ පලතුරැ වර්ග කාලා තියෙන රජ කෙනෙක්ට “මං කාලා නැති පලතුරැත් තියෙනවද දන්නේනෑ” කියලා හිතිලා අණ බෙරයක් ගහනවා තමා නොකෑ පලතුරක් ගේන කෙනෙක්ට ගම්වරයක් දෙනවා කියලා.අර බෝක්කුව උඩ සූස්ති ඇදඇද මත්වෙලා ඉන්න ඩබල “අයියෝ අපි ගේන්නන්කෝ රජතුමා කවදාවත් කාලා නැති පලතුරැ” කියලා අණ බෙරේ නවත්වනවා….. (මතු සම්බන්ධයි)

    • Bra Sira says:

      The above writer appears to be thinking that he is the modern Einstein!

      What a boring story he repeats everywhere.

      Empty vessels make the biggest noise.

    • U.N.J.V.P says:

      Oya ratema punchi ammata kilina , moone lapayak thiyena kalu kota kapati hadayek innawa
      (Mathu sambandai.)

  3. මැතිතුමනි! බුද්ධි බලකායකින් ගොඩනගන අපේ නව දේශය ආසියාවේ රන් අකුරෙන් ලියවෙන්නක් විය යුතුය.

  4. Gotaimbara says:

    Jayawewa Mr Gotabhaya. We need a united and a prosperous country for all to live.

  5. LION says:

    නැගී සිටිය හැක එක්සත් වී
    බෙදීගියොත් රට යයි සුන් වී

    පිබිදෙව්.. පිබිදෙව්.. පිබිදෙව්..

    අපගේ විකුම බලේ..
    රට ජාතියෙහි බලේ..
    දිවිදී… රකිමු අපේ ලංකා…

  6. Me3 says:

    හරියටම හරි Lion.
    👍 great. 👋👋👋👋👋👋👋👋👋👋👋

Main News